Thursday, August 5, 2010

මං තාම නුඹේ බව


නෙත්විල උතුරා‍ගෙන
                             උණු කදුලු ගලන වි‍ට
මම අඩන්න ආසයි
                                 නුඹ තුරුලට අර‍ගෙන

සිත්බිම පුරා පුපුරා යන
                   පෙම් නියගය අවාම
මම දැවෙන්න ආසයි
                                නුඹේ තුරුලෙම ඉදගෙන

හද විමන කඩා ගෙන
                     පෙම න‍ටබුන් වු දින
මම ව‍ටහා ගන්නම්
                                නුඹ සමුගෙන ගිය වග

හෙ‍ට තනිකම ආ සඳ
                            හනිකට මාව සොයාගෙන
මම ව‍ටහා ගන්නම්
                 නුඹ අන්සතු වු බව

මම සමුගෙන යන්නම්
                     දුක උහුලනු බැරි තැන
මම පහදා දෙන්නම්
                    මං තාම නුඹේ බව

1 comments:

Anonymous said...

අනේ..... මේ කවිය කියවද්දි ඇස් වල කදුලුත් ඇවිත්.... ඒත් නිර්මාණය හරිම ලස්සනයි.....

Post a Comment