Tuesday, July 20, 2010

සිතක නැවතුම


නො‍සිතා ඉන්න‍ට සිත
බලකෙරුවත්
දැස සොයන්නනේ ඔය
රුවමයි
දහසක් ඇමතුම් නිරතුරැ
ඇසුනත්
සිත් අයදින්නේ ඒ
හඩමයි
ඔබ අන්සතු බව කොපමණ
කීවත්
පිටුපා යනකො‍ට හිත‍ට
දුකයි
වෙන්වී යන්න‍ට යලි යලි
සිතුනත්
සිත නවතින්නේ ඔබ
ලගමයි

ඇයි මෙතරම් නපුරැ

සද හිරැ තරැ අහසේ සැගවෙනවා
ඔබ මා අතහැර යන්න‍ට  යනවා
මගේ මේ හිත දුක් ගගක ගිලේනවා
ඔබම ඇවිත් ම‍ට සේනේහස පිදුවා
ඔබම යලිත් එය අරගෙන යනවා
විරහ කදුලු ඇස් අගට පිරේනවා
මා ඔබ ගැන හිත හිත ලතවෙනවා
ඔබ මගේ හිත හොදටම රිදවනවා
ද‍ාරාගන්න බැරි දුක් ගෙන එනවා
ඔබේ සුවද ලග මා තනි වෙනවා
ඔබ කොතරම් නපුරැදැයි සිතෙනවා.


ආදරණිය නුඹ‍‍‍ට

කොහොම ලියන්නද කියලා හිතුවත් මේක ඔයාට දැනගන්න ලියන්නම ඕනේ. කොහේ හිටියත් ඔයා කියවයි කියලා විශ්වාස කරලයි මේක ලියන්න හිතුවේ.මේ දේවල් ඔයා‍ට කියන්න ම‍ට වෙන විදියක් නැහැ.ඔයා කිවුව‍ා හරි මොකක් හරි නොදන්න බලවේගයක් අපිව මෙහෙයවනවා.අද එක ම‍‍ටත් දැනේනවා.කොහොම උනත් මං ඔයා‍ට මහ‍ා හුගක් ආදරේයි කියලා මං දැන් දන්නවා.ඒ ඇයි කියන්න දන්නේ නැහැ.මේ ආදරේට පැවැත්මක් නැහැයි කියලත් දැන් මං දන්නවා.මං ඔය‍ාගේ හිත රිද්දන්න නෙමෙයි ඔයා ලග‍ට ආවේ.මං ගෙ‍ාඩක් හින දැක්කා ඒ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් ඔයා‍‍ගේ ලෝකේ ඔයාගේ දියුණුව ගැනයි.එ ඇරෙන්න මං වෙන මුකුත් බලාපෙරෙත්තු වුනේ නැහැ වෙන්නෙත් නැහැ.මං හැමදාම හිටපු තැනමයි අදත් ඉන්නේ ඔයාමයි අවේ ඔයාමයි ගියේත්,මං දන්නවා ඔයා හිතයි දුක් ‍වෙන්න තරම් දෙයක් උනේ නැහැයි කියලා.ඔයා හරි එත් ම‍ට අද මේ දැනේන දේවල් ගැන කියන්න ම‍ං දන්නේ නැහැ.ම‍ට උත්තරයක් එපා ඔයා මේක කියවන්න එ ඇති.මේකට වෙන්න ඇති දෛයිවය කියන්නේ.මං මහමෙරක් තරම් ඔයා ගැන හිතුව‍ට ඔයාට මාව වැලිකැටයක් තරම් වත් නොවටින බව මං දන්නවා.කමක් නැහැ මේක එක පාරක් කියවන්න ලැබේන්න කියලයි මං පාර්ථනා කරන්නේ.අපි අදින් පස්සේ කවදාවත් කතා කරන්නේ නැහැ එක මං දන්නවා.ඔයාගේ හිනයක් සම්පුර්ණ කරන්න මං පොරෙන්දු වුනා එක මං මැරෙනකම් කරන්න පෙ‍ාරෙන්දු වෙනවා.එ මොකක්ද කියලා ඔයා දන්නවනේ ඔයා කොහේ හිටියත් ඒ දේ බලන්න.මේක මං කරන පුංචි ඉල්ලිමක් මේක කියවලා ම‍ට කියෙවුවා කියලා දැනගන්න එක පනිවිඩයක් වත් තියන්න එක මං ඔයාගෙන් ඉල්ලන අවසාන ඉල්ලිම.ඔයා වෙනුවෙන් ම‍ට කරන්න පුලුවන් හැමදේම මං කරනවා.එ වෙනුව‍ට ම‍ට මුකුත් එපා ඔයා‍ෙග් හි‍ෙත් සතු‍ටක් ඇතිවෙනවා නම් ම‍‍ට එ ඇති.ඔය‍ාට කත‍‍ා කරන්න හිතුනහම මං මෙහෙම ලියන්නම්.ඉස්සර අපි කතා කරපු දේවල් ඔයා‍ෙග් KIK එක හැමදාම තියා ගන්න.අපි දෙන්න මුලින්ම මුණ ගැසුනු තැන‍ට ඔයා ඉදල‍ා හිටල හරි එන්න.එ ආව‍ාහම මාව චුට්ටක් හරි මතක් කරන්න.ඔයා හිත‍ාගෙන හිටපු විදිය‍ට ලස්සන‍ට ‍‍ෙගයක් හදන්න.ඔයා දන්නවනේ මාව දෙවියෝ එවල තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන හින සම්පුර්ණ කරන්න ඒ හින්දා අපි එකතු වෙලා ප‍ටන් ගත්ත දේ මග නතර කරන්න එපා.දිගටම කරන්න.මොන හේතුවකින් අපි හම්බ වුනත් අද අපි වෙන්වෙලා.අපි හම්බුනු බව කවුරැත් දන්නෙත් නැහැ වෙන් වුනු බව කවුරැත් දන්නේත් නැහැ.
“සිටිනා කොදෙවුවක
නුඹ සැප විදිනම්
මවෙතින් ලැබු ආදරයත්
ලැබේ නම්
මතකය නුඹ‍ට හිරිහැරයක් නොවේ නම්
තව කුම‍කටද දුක් ගි කල්පනාවන්”
මතකයි නේද?අද ඒ කවිය මං සම්පුර්ණ කලා.මං කියලා කෙනෙක් හිටියා කියලා අඩුගානේ ඔයා ඔය ලොකු හිතේ කෙ‍නක හරි තියා ගන්න.ඒ ඇති ම‍ට
මේ ඔයාට මහා හුගක් ආදරේ
කරන ඔයා පොඩ්ඩක් වත් ආදරේ
නොකරපු ......................
ඔයා‍ට බුදු සරණයි
සමාවෙන්න මෙහෙම ලියන්න වුනාට.