Thursday, July 15, 2010

අනේ ම‍ට ඉඩදෙන්න


මල් පියලි පිසලන්න
සුලගසේ ඔබ එන්න
ඒ සුවඳ  ම‍ට දෙන්න
හැමදාම හිනැහෙන්න
අමාවක රෑ පින්නෙ
කලු අහස ඔබ වෙන්න
තරැවක් පායන්න
අනේ ම‍ට ඉඩදෙන්න
හදවිලේ අරවින්ද
පියුම සේ පිබිදෙන්න
මුව තබා සිප ගන්න
නුවන් පියවා ගන්න

පතා නැති පැතුමන්


කලා සෙලොස පුර හද සේම
මගේ හිත‍ට එලියයි ඔබ දුටුවාම
සඳක් සේම නිකලැල් ඔබේ සිත ගාව
මගෙ හිත නැවතුනා ම‍ටවත් නොදැනිම
උදැසනක් සේ සුමිහිරි සිනාව‍ට
මිනි පහනක් සේ සුපසන් දෙනුවන‍ට
මටත් හොරා ඉපදුනු ලෙංගතු කම‍ට
මගෙ සිත තැවෙයි ලංවෙනු බැරි කම‍ට
මල‍ට රේණු සේ ඔබ ලග රැදෙනු බැරි
හිරැට නෙලුම වී සිත ලග හිදිනු බැරි
සසර පතා නැති පැතුමක් පතනු බැරි
ඔබ‍ට මිසක කාටත් දුක කියනු බැරි
මල් පවනේ ඔබේ සිසිලස දැනේවා
රැ සිහිනෙන් ඇසිපිය ය‍ට රැදේවා
සද දහසක් කැල්මෙන් ඔබ දිලේවා
මතු ජාතිවත් මගෙ දෝතේ පිපේවා.