Tuesday, August 17, 2010

නුඹ‍ට ලියන වග නම්

ලියන්න‍ට සිතුනෙමී
නුඹ‍ට
පිළිතුරු නෙලැබුනත්
ලියමී
දිගටම ලියමී
නුඹ විටෙක අහසක්
නිමක් ‍ නොපෙනෙන අහසක්
ලං වෙන්න‍ට දැත් දිගු කරන්නට‍
බැරි තරම් නුඔ දුර ගිහින්

නුඹ නැවත එන්න එපා
මං නුඹ වෙනුවෙන් බලාගෙන ඉන්නේ නැහැ
එත් දිනක නුඹට‍ දැනේවි
මං මහ හුගක් ආදරය කල බව නුඹ‍ට

එදාට නුඹ මාව හොයාවි
එත් නුඹේ ඇස් මානෙන් මං හුගාක් දුර ගිහින්
නුඹ‍ට කෙදිනකවත් ලං වෙන්න බැරි තරමට
මං දුරින් ඉදිවි

නුඹ ආදරේ යැයි සිතු දේ
සැබැ ආදරය නොවන බව නුඹ පසක් කර ගනිද්දි
නුඹ ජිවිතයෙන් ආදරයෙන් පරාජය වි සිටින්න‍ට පුලුවන්

එත් නුඹේ සිත‍ට තනිකම දුක නොදැනෙන්න
කියලා නුඹ වෙනුවෙන් මං යදින්නම්
එත් සුළගක් වගේ අවිත් මගේ ආදරේ
බලෙන්ම උදුරගෙන
අලුතින් ලොවක් හදන්න ඉගිල ගිය
නුඹ‍ට සමාව දෙන්න
පුලුවන්ද?









දනිම් මම ඔබ ආදරේ බව



ඔබ දකින දේ
ඔබ සිතන දේ නම්
ඔබ සිතන දේවල් හැගෙනවා ම‍ට
මං දන්නවානෙ හොද‍ට ඔබ ගැන

මා සිනාසෙන සඳ
නොදුටුවාදෝ සැගවුණු
කදුලු නෙතු අග
ඔබ සිනා සෙන සඳ
දකින්නෙමි මම
කදුලු ඔය‍නෙත

මා උරණ වු සඳ
නොදැනුණාදෝ එය මගෙ‍
ආදරේ වග
ඔබ උරණ වු සඳ
දනිමි මම ඔබ ආදරේ බව

මං නුඹ‍ට දෙන්නම්



සුසම් රල රුලි ගැටෙන වෙරළේ
පහන් ටැඹ ලෙස ලගින් ඉන්නම්
නැගෙන සුසුමන් මහද සගවා
සිනා පොකුරක් නුඹ‍ට දෙන්නම්

ලොවේ ගැරහුම් සැඩ කිරන මැද
වන වදුලක් ලෙස පලුපත් බර
නැගෙන දාහෙන් මහද තවලා
සහන් සිසිලස නුඹ‍ට දෙන්නම්

කදුලු වැස්සක් වැටෙන මොහො‍තේ
නවාතැන් පොල ලෙස‍ට ඉන්නම්
කදුලු වැස්සෙන් මහද නවා
මල් වැස්සක් නුඹ‍ට දෙන්නම්