Monday, October 4, 2010

අසරණ මා අද


අහස තරම‍ට පොළව තරමට
මා ඔබ‍ට පෙම් කලා
ඉන්න‍ට තව කාලයක්
ඔබේ අතැගිලි අල්ලලා
දෙන්න අවසර තව කලක්
ම‍ට මේ ‍තෙත් වු නෙත් බලා
ඔබ‍ට වාගේම ම‍ටත් අවැසියි
අතැර යන්න‍ට යලි නොඑන්නම
එහෙත් අද මා අසරණයි
ඔබ‍ට මා පෙම් කල නිසා
අහස තරම‍ට පොළව තරමට
ඔබට පෙම් කල අයෙකු මේ දියත
සිටින බව නම්
මතකයෙන් දුර රුගෙන ගොස්
සමු දෙන්න එපා


Tuesday, September 28, 2010

නුඹේ රුව දැකගන්න‍ට


සහසක් මල් පෙති
පිපෙන ඉසවුවක
දහසක් සියතුන්
වෙසෙන කැදැල්ලක
සෙනේ සිනා කැන්
 හද රදවාගෙන
බලා හිදිහමි
 මා නුඹ දැක ගන්න‍ට

ලොවට හොරෙන් මා
නුඹ‍ට පෙම් බැද
නුඹ ගැන සිහිනය
හද රදවාගෙන
අද මේන් හෙට දින
 බලා හිදින්නම්
දකින ලෙසට මතු
දිනක ඔබේ රුව

Friday, September 24, 2010

නුඹ නොදන්නා මුත්


ඔබ දන්නේ නැති තරමට
සිතා ගන්න බැරි තරම‍ට
සත්තකින්ම තවමත් මම
ඔබ‍ට ආදරේයි

දැක ගන්නට නොලැබුනා‍ට
ලං වෙන්න‍ට නොලැබුනාට
නෑ මියෙන්නේ මේ සිත
නුඹ‍ට ආදරේයි

සමුගන්නට ඕනේම නම්
මා තනිකර නුඹ යා නම්
දුක ඉවසාගෙන ඔබ හ‍ට අවසර දෙන්නම්

සිතන්න‍ටත් පතන්න‍ටත්
ඔබ පමණක් සිටින නමුදු
මගේ කදුලින් ඔබ හට
මම
ආසිරි පතන්නම්

Thursday, September 23, 2010

නුඹේ රුව දැකගන්න‍ට


සහසක් මල් පෙති
පිපෙන ඉසවුවක
දහසක් සියතුන්
වෙසෙන කැදැල්ලක
සෙනේ සිනා කැන්
 හද රදවාගෙන
බලා හිදිහමි
 මා නුඹ දැක ගන්න‍ට

ලොවට හොරෙන් මා
නුඹ‍ට පෙම් බැද
නුඹ ගැන සිහිනය
හද රදවාගෙන
අද මේන් හෙට දින
 බලා හිදින්නම්
දකින ලෙසට මතු
දිනක ඔබේ රුව

Wednesday, September 22, 2010

පැතුම


නුඹ අහස් කුසේ
ඇතින් ඉන්න
තරුවක් මෙන් දිලිසෙන්න
බැරිද නුඹ හ‍ට
මගේම වෙන්න

තව භවේක ඉපදෙන්න
මගේ වෙලා ලගින් ඉන්න
ඔබේ වේලා ඉපදෙන්න‍ට
කියන් හිතවත
පතන්නද අද සිටන් මම

හුදකලා වු ම‍ට


හුදකලා වු හැම විටම
මවයි සිහින අතිතය ගැන

එහෙත් නුඹ අහිමි බව
නොසිතෙයි මසිතට

ඒ සොදුරු ප්‍රේමය
නුඹට හැකි මුත්
අමතක කරන්න‍ට
 පෙමක රුදි සොදුරු වු අතිතය

තුල හිද සිත්තම්
මවමී සැමදා
ඔ‍‍බේන් ලැබු
ප්‍රේමයේ පරාජයේ හිද

Friday, September 17, 2010

නුඹ නොමැති ජිවිතය


ලියන්න‍‍ට හැකිද ම‍ට
තවත් නුඹ ගැන යමක්
අදත් නුඹ මා අසල
නොමැති කම මහ දුකක්

අපායක් මිස දිවිය
නොවේ ම‍ට සුර පුරක්
නුඹ නොලැබි යතොත්
දිවිය මට දග ගෙයක්

සිර කරන්නෙමී සිත ය‍ටම
නුඹ ගැන මැවු පැතුම් පොදි
කුම‍ට නුඹ නොමැති නම්
නුඹ ඉතිරි කල යමක්

ගෙවෙනු මිස ජිවිතය
ගෙවන බව නොහැගේය
කුමට තව ජිවිතය
ළුල නො‍වේ නුඹ නැතිව




Thursday, September 16, 2010

නෙතු පියවිනි


සඳ රුස් අරගෙන ඇවිදින්
ඔබ ලග
සේනෙහස් සුවදට
 තුරුලු වේලා

ඔය පපු තුරුලේ
මුහුණ හොවාගෙන
රුයක් පුරාවට
කදුලු සලා

ඔබේ නම‍ට ලියු අවසන් කවියත්
ඔබලේ උණුසුම්
ළයෙහි හොවා

නුඹගේ සුසුමන් අතරේ මිය යමි
සඳd කදුලු රුදි නෙතු පියවා


Wednesday, September 15, 2010

නුඹ රුගු පෙම් රුගුම්


නොලැබුනත් වසන්තය
මම හනික එමී ඔබ ලගට
මවා පෙම් සිහින ලොව‍
දකිමී ඔබ එහි සැම දින

සත් වසක් එකම ලෙස
දුටුව එ පෙම් සිහිනය
දකිමි තවමත් මම
මොහොතකින් හෝ අඩු නැතිව

විඩාබර නෙත් අගට
විය සිසිල නුඹ එදින
මවා පෙම් සිහින ලොව
කෙරු රග හැටි පුදුම

දිනෙන් දින ගෙවුනද
අපේ පෙම තවමත් එලෙසමය
නුඹ ගැන මැවු පෙම් ලොව
තවමත් හිත තුල එලෙසමය

බාලික‍ා සෙවන


‍ෙස්පාලිකා මල් වැටුනු
පුංචි පාසල් පාර
අද දකින විටදි ම‍ට
කදුලු දෙනේතේ පිරේවි
මිතුරු කැල ලංවේලා
කි කතා ඇත බෝම
සිනා හඩ රුලි නගයි
පුංචි පන්ති කාමරේ
හැරදමා ගියත් අපි
මතකයේ රුවු නගි
ඒ සොදුරු වසත් කල
අපේ පාසල් විය
යන්න හැකිනම්
හිනෙන් හරි අනේ ඒ
අතිතෙට

Tuesday, September 14, 2010

පමා වී මුණගැසිම


හාදු සිතුම් දෙතොල ඇන්දා
සෙනෙහසින් සියොලග වෙලී
ආදරේ පෙම් සිහින රහසින්
මිමිණුවා මුවටම එබි
තවත් දිනයක්  යලිත් හමුවෙමු
තවත් දින ඇත සඳ නැති

තුන්යමක් අපි අහසේ හිටියා
එත් බැස යන්න‍ට මැලි
අමාවක අවපසට පැයු
පුරමසේ පුන්සඳ ලෙසින්
තවත් දිනයක් මගේ හදටම
එන්න පයා සෙනෙහසින්

නොවිදිනා සුව නොවිදිනා සැප
ගෙනත් ම‍ට දී ආදරෙන්
සනසනා ඔබ හමුවුනානම්
දෙවනුවෙන් නොව පලමුවෙන්

නාදුනන අපි අපේ වු හැටි
පුදුම හිතේනා සෙනෙහසින්
පෙර භවේ මේ භවේ වාගේම
හමුවෙලා ඇත සෙනෙහසින්

ඒ භවේ මා අතින් නුඹ හ‍ට
යමක් අතපසු වු පවෙන්
මේ භවේ නුඹ හමුවුනේ ම‍ට
පලමුවෙන් නොව දෙවනුවෙන්

Thursday, September 9, 2010

මට ‍ඉඩදෙන්න



සඳ එලිය ම‍ට දෙන්න
රාත්‍රියේ ඇවිද එන්න
සිනිදු පියා පත් ම‍ට දෙන්න
නිල් අහසේ පියාබන්න
සිහිල් සුළං පොදක් ම‍ට දෙන්න
මල් සුවඳ රුගෙන විත්
ඔබේ දොර කවුලුවෙන්
ඔබේ මුව සිපගන්න


විටෙක සිතෙයි ම‍ට සඳක් වන්න ඇත්නම්
හැකිය ම‍ට ඔබේ මුහුන‍ට එබේන්න
කුරුල්ලෙක් වන්න‍ට ඇත්නම්
කවුලු දොරින් විත් කියන්න‍ට දුක ඔබ‍ට
සිතෙයි මට මලක් වි සුවඳ ගෙන එන්න‍ට
ඔ‍බේ ජිවිතය පුරාවට
එ හැමටම වඩා


හැකිනම් ම‍ට ජිවිතය පුරාවට
නුඹේ ලගින් සැතපෙන්න