Monday, October 4, 2010

අසරණ මා අද


අහස තරම‍ට පොළව තරමට
මා ඔබ‍ට පෙම් කලා
ඉන්න‍ට තව කාලයක්
ඔබේ අතැගිලි අල්ලලා
දෙන්න අවසර තව කලක්
ම‍ට මේ ‍තෙත් වු නෙත් බලා
ඔබ‍ට වාගේම ම‍ටත් අවැසියි
අතැර යන්න‍ට යලි නොඑන්නම
එහෙත් අද මා අසරණයි
ඔබ‍ට මා පෙම් කල නිසා
අහස තරම‍ට පොළව තරමට
ඔබට පෙම් කල අයෙකු මේ දියත
සිටින බව නම්
මතකයෙන් දුර රුගෙන ගොස්
සමු දෙන්න එපා