Sunday, July 11, 2010

නුඔ විතරයි


ජිවිතයේ දුරක් යන්න
අපි අත්වැල් බැදන් ඉන්න
හැමදාමත් අද වාගේම
මගේ ලගින් වෙන් නොවන්න
දෙන්න‍‍ට හැක ආදරයක්
මුලු ලෝකේම පරද්දන්න
එපා මුකුත් එ වෙනුවෙන්
නුඔ පමණක් ලගින් ඉන්න

අසනු මැනවි,


කිසිවක් නැත නුඹ‍ට ලැබුනු
දුන් දේ නම් අපමණයි
එපා හිත‍ට දුක් ගන්න‍ට
නුඹ කල පින් මහ ගොඩයි
කදුලු සුසුම් මැදින් ආපු
මේ දිවි මග හුග දුරයි
නැ පැරදුම නුඹ අභියස
දිවි ජය මග අත ලගයි

පමා උනේ කිම හමුවන්නට


පැරැනු හිත යලි තනන්න
නුඹේ වදන් දිරි දුන්නා
ආකාලයේ පරවිම‍ට
ඉඩ නොදි නුඹ රැක ගත්තා
නැ දෙන්න‍ට කිසිවක් ම‍ට
නුඹ සතුටින් පිළිගත්තා
පසු වී නුඹ හමුවුනේ ඇයි
විමසන්න‍ට ම‍ට සිතුනා
........................

මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මට විතරද


දුක‍ට අඩන මාගේ දැස
නිතර සෙවුවේ නුබේ දැස
අහන්න පෙරැමන් පුරාන
සවන් මගේ මග බලාන
දැස ආයා පෙරැම් පුරා
සිත් අහසේ පැතුම් පුරා
එපා පැතුම් කඩා දමා
මගේ ලෝකෙන් නික්ම යන්න,

සිහිනය