Monday, September 6, 2010

නුඹ දුර ගිහින්



හමා එන මහා පාලු සුළගක්
කුටිය වෙත හිමින් ගලයි
හි‍තේ මතුවන කදුළු මතකය
දෙනෙත් කොනකින්
බිමට වැටෙයි
ළගින් ලං වි එදා අප වුන්
මතක සැමරුම් බෝමයි
 සිනා වෙන්නනේ කේලෙස දෝ මා
කියා දෙනවද නුඹ ඉතින්

පාළුව තනිකම හදට ලං කර
ඇත දුරකට ගියා නුඹ අද
සැගව ඉන්නේ කොහොමදෝ මා
 නුඹ‍ට බැදි පෙම සිතේ සගවා
 පෙරුම් පිරුවා පැතුම් පැතුවා
නුඹ ලග‍ට වි එදා මෙන්
 කියන් සඳ නුඹ නොමැති ලෝකෙක
එ පැතුම් අද වැළලි ගොසින්

නුඹ සොයන්න‍ට
සිත පවසන මුත්
නුඹ දුරයි
නුඹ දුර ගිහින්
කදුළු දිය කර තනිව හඩමී මම
නුඹ‍ට සිහිකර ආදරේන්

නුඹේ නිහඩ බව



නිහඩව ඇයි නුඹ
නිහඩව නිසලව ඉන්නේ ඇයි නුඹ
මා පෙම් කල බව අමතක විදෝ
ඉවත බලා ඉන්නේ
හඳ රිදවාලා එපා ‍ඉන්න‍ට


සෙනේ සගවලා
දුක හිතුනා සත්තයි


නුඹ ලග නැති
හැම තත්පරයේ
එපා හිත රිදවගන්න


මගේ ආදරේ නුඹ‍ටයි
මේ සසර පුරා
එ මිහිරි අතිතය


සිහින සිතුවම් මවා
මා ජිවත් කරයි අද
නුඹ නැතත් මා ලගක