Monday, August 2, 2010

නුඹේ නපුරුකම්



අඩන්න‍ට කලින් ඇඩවු
රිදෙන්න‍ට කලින් රිදවු
නුඹේ නපුරුකම්
සිත මා ඉවසාන
නුඹ‍ට පෙම් කළේ මාවත්
රිදවාන
පිපිදෙන්න මගේ මනකොඳ
නොවු‍‍ණේ කිමැයි
පුරහඳ
සඳ එළිය සොයා
ලුහුබැඳ
ලැබුණේ අඳුර
පමණද?
නොතලන්න  තවත්
සිත්මල
පවසන්න කිමැයි
ලද ථල
දුන්නේ නුඹයි
ගිම්කල
වින්දේ මමයි
එහි ළුල

මගෙ අහි පියන් ය‍ට


නුඹ නිදා හිදී
මගෙ ඇහි පියන් ය‍ට
ඇහැ අරින්න හරි
බයයි මම
නුඹ ළග නැති කමට
නුඹ පිපුණු මලයි
මගෙ හද උයන් බිම
නෙලා ගන්න හරි
බයයි මම
රිදේවි පෙතිවල‍ට
නුඹ කථා කරයි
වසන්ත සිහිනය‍ට
එන්න බෑ හරි බයයි
නැතිවෙයි නුඹත් ම‍ට