Friday, July 23, 2010

ඉඩදෙන්න ම‍ට


නුඹ මලක් වී පිපෙන්න‍ට පාරමී පුරන සඳ
මම මිදුලක්ව උපන්නෙමි
නුඹ‍ට ලෙංගතු නිසා
පිනි බිදුවක් ඇවිත්
නුඹ සිබින විට
සිතිනි පිනි බිදුවක් ලෙසින්
උපන්නා නම් කියා
එසේ වී නම් ඉතින්
ගෙමීදුලක් නැති නිසා
පිපෙන්න‍ට නොහැකි වී
නුඹ
දුකින් ඉකිගසාවි
පිනි බිදු වී එන්න
බෝහෝ දෙන ඇති මුත්
මිදුලක්ව ඉපදෙන්න
කිසිවෙකුත් නැති ලොවේ
මිදුලක්ව ඉපදෙන්න මගේ හද‍ට
ඉඩදෙන්න.

මතකයක් විතරද?

සිත් මලුව පුරාවට
ඔබේ ඔය පා තියලා
ඇද තිබු හැම රටා
හැඩි කලා දුව පැනලා
අමදින්න බැරි ලෙස‍ට
යලිත් එය ඉරි තලලා
කෙලෙස ඔබ සැගවුනිද
මා දමා
දුර ඇදිලා
ඔබේ මතකය ඇවිත්
සිත දැවෙනවා රිදිලා
 මගේ තුරුලේ උණුසුමත්
අසයි ඔබ කෝ කියලා
එත් ඔබ මතකයක්
විතර බව මම කියලා
හිත හදා සැනසුනෙමී
වෙන මගක්
නැති හින්දා.