Thursday, August 19, 2010

උරුම සතුට මෙය නම්



සුපුරුදු තනිය තව ලං
කර අතිතය‍ට එබේන්නම්
නුඹේ කදුලු අද මා ලග
මම සැමදා හඩන්නම්

කල පවු මැද උරුම සතු‍ට මෙපමණ
යැයි සිතන්නම්
මා හැර ඔබ යන ගමනට
සුභ පැතුමක් පතන්නම්

මගෙන් දුරක ගියත් මේසේ
ඔබ ගත සිත සුවෙන් නම්
මම පිදු පෙම කදුලු උනත්
එය සතුටින් විදින්නම්

එය මගෙ පෙර පවක් නම්
යලිත් අපේ හමුවිමක් මේ භවයෙදි නොවේ නම්
මේ කදුලැලි නුඹ‍ට නොදි
මේලෙසින් සමු යදින්නම්


නුඹව ම‍ට අයිති නැද්ද




ඔබ සිනා වැස්සක්
හළන්න
මගේ දුක හේදිලාම යන්න
එයත් ඔබ‍ට වදයක් නම්
අහසට වෙලාම ඉන්න

මඳ පවනක් වි හමන්න
මගෙ සිත නිඩා නිවන්න
එයත් ඔබ‍ට වදයක නම්
ඒ ගැන නොසිතා ඉන්න

ඔබ නෙලුමක් වි ‍පිපෙන්න
ජිවන සුවඳ දැනෙන්න
එයත් ඔබ‍ට වදයක් නම්
පිපණත් ඇතින් ඉන්න.