Friday, July 30, 2010

ඇයි නුඹ වෙනස් වුනේ


නුඹ අහස වගේ
මොහොතින් මෙහොත
වෙනස් වන,
හිතුවත් ‍කොහොම කොයි ලෙස
එ අහස සිපගන්න
පුලුවන් මගේ සිතිවිලි
වල‍ට විතරනේ,
නුඹ සුලග වගේ
දුවගෙන ඇවිත් 
මොහොතක් නෙඉද
ආපසු දුවන
එ සුළග එක්ක,
හාද වෙන්න පුලුවන්
ප්‍රර්ථනාවක් වුනා නුඹ
කවදාවත් ඉටු නොවන
හිනයක් වුනා නුඹ,
කවදාවත් සැබැ නොවන
වන බඹරුන් මුලා කරන
සමනලයින් අතර මං කරන
සුවදවත් මල් කුලකයක
නුඹ මලක් වෙලා පිපුනේ
මට අත්තටු ලැබේන්නත් පෙර
ඉතිං...........
මං දන්නවා හොද‍ටම
නුඹ ම‍ට අයිති නැති වග
එත් ආදරය කරන්න තියෙන
අයිතිය උදුර‍ගන්න
එපා මගෙන්.
..............