Saturday, July 31, 2010

අපේ සරසවියේ මතකය


බෙලිහුල් ඔයේ වතුර සිතල
දැයි අහන්න
මං නැති දා තනිකම්
දැනෙවද කියන්න
මතකය අලුත් වෙලා එපා
දුකක් දැනෙන්න
ඒ සීතල වතුරේ ම‍ගේ කදුලු ති‍යේ බලන්න
සමනල වැව් තලයේ බිදෙනා
රුලි බලන්න
මං නැතිදා තනිකම්
දැනෙනවද කියන්න
මතකය අලුත් වේලා එපා
 සුසුම් හෙලන්න
ඒ බිදෙනා වැව් රුලිවල මගෙ සුසම් තියේ දකින්න
සරසවි රෑන අතර එපා
තනිය දැනෙන්න
කාටත් හොරා ඉනු කදුලු
බිම‍ට හලන්න
ම‍ට හිමිකම් නැතිදා පැරුණු
හිත හදා ගන්න
කදුලු සුසම් ම‍ට පවරා ඇයට සිනා පුදන්න

Friday, July 30, 2010

ඇයි නුඹ වෙනස් වුනේ


නුඹ අහස වගේ
මොහොතින් මෙහොත
වෙනස් වන,
හිතුවත් ‍කොහොම කොයි ලෙස
එ අහස සිපගන්න
පුලුවන් මගේ සිතිවිලි
වල‍ට විතරනේ,
නුඹ සුලග වගේ
දුවගෙන ඇවිත් 
මොහොතක් නෙඉද
ආපසු දුවන
එ සුළග එක්ක,
හාද වෙන්න පුලුවන්
ප්‍රර්ථනාවක් වුනා නුඹ
කවදාවත් ඉටු නොවන
හිනයක් වුනා නුඹ,
කවදාවත් සැබැ නොවන
වන බඹරුන් මුලා කරන
සමනලයින් අතර මං කරන
සුවදවත් මල් කුලකයක
නුඹ මලක් වෙලා පිපුනේ
මට අත්තටු ලැබේන්නත් පෙර
ඉතිං...........
මං දන්නවා හොද‍ටම
නුඹ ම‍ට අයිති නැති වග
එත් ආදරය කරන්න තියෙන
අයිතිය උදුර‍ගන්න
එපා මගෙන්.
..............

Thursday, July 29, 2010

මගේ හිත මියැදේවී....


සීත සදු හඩවන්නෙපා
තරු කැකුලු
ඉකි ගසාවී.......
මීදුම් සලු ඉරන්නෙපා
පිණි බිදු
කදුලු වේවි........
ඔබ දෙනෙතු තෙමන්නෙපා
අනේ ම‍ට
දුක හිතේවී.......
ඔබ මගෙන් මිදෙන්නෙපා
මගේ හිත
මියැදේවී......

Wednesday, July 28, 2010

ආයෙත් එන්න


ඒ කාලේ කොහොම අමතක කරන්නද
ප්‍රේමයේ තුවාලය පැරෙන්න පැරෙන්න
දැනෙන වේදනාව වැඩියි
නුඹ මා ලග‍ට ඇවිත්
කියු දේවල්
අපි පාර්ථනා කරපු දේවල්
අපි හිත් අහස තුල ඉදිකරපු මාලිගා
හැමදෙයක්ම තවමත් තියෙනවා
එත් ඔබත් මාත්
ඒ අභියස නැහැ
 නුඹ මා ලග‍ට ඇවිත්
එ ගිය මාවත දිහා
මං අයේත් බලාගෙන ඉන්නවා
මටත් එ මාවත දිගේ
ඔබ ලග‍ට එන්න නෙමෙයි
නුඹ අපසු මා නැවතිලා ඉන්න
අපේ ප්‍රර්ථනා පවුර ලගට
නුඹ එනතෙක්
ම‍ට විශ්වාසයි
නුඹ ආයෙත් මා ලගට
එයි කි‍යලා
එකයි මං අදත් බලාගෙන
ඉන්නේ.
කියන්න ඔබ එනවා නේද?

සුළග නිමවිය

එන්න මාත් එක්ක
හිනාවෙන්න
ඇගිලි තුඩග අල්ලාගෙන
මා දෑස‍ට එබි ඉන්න
මං ආදරේයි
එකම වරක් ම‍ට කියන්න......
සෙමින් එන්න
සුළං රොදක සගවාලා
මා දිවියම අරන් යන්න....
ඕබේ සෙනෙහස මෙහි සතපා
සුවද දෙන්න සැගවිලා.....
සෙමීන් එන්න
මගේ කුමරු මහද වෙත‍ට
අරන් එන්න.....
සුළග වගේ ලග‍ට එන්න
ඔච්චම් කහ හිනාවෙන්න........
සෙමින් එන්න
පාද ගිගිරි සලන්නෙපා
රුහැයියනේ හඩන්නෙපා
අනේ මගේ පුංචි කුමරු
සුර ලෝකේ සිටින්නී
දැස පියා හඩන්නී
නිසංසලේ නිදන්නී.......
සෙමින් එන්න
පා නෙතබා අදුර මැදින්
සුළග වගේ ලග‍ට එන්න
මගේ හීන පුංචි මැදුර
කදුලු වලින් පුරවාලා
සුළග වගේ ඇදි යන්න..........

Tuesday, July 27, 2010

මතකය රුගෙන යන්න


අපි හමුනොවුනනම් මේ ව‍ගේ දුකක්
හිත‍ට නොදැනෙයි කියලා
ම‍ට විතරක් නෙමෙයි ඔබ‍ටත් හිතේවි,
නුඹ ඉතිරි කර සුවඳ මා ලගින් රුගෙන යන්න,
නුඹ‍ට හැකිවේවි හෙට දවස
සතුටින් ඉන්න
මටත් හැකිවේවි
අපේ ඒ මතකයන් මේ හිතින් මකල දාන්න
නුඹේ සුවඳ දැනෙන්න දැනේන්න
මා ඒ අතිතෙ‍ට යනවා වැඩියි
නුඹ ගැන අලුත් බලාපොරොත්තු
පාර්ථනා පොදි බදිනවා වැඩියි
නුඹ‍‍ට හැකිනම්
ඇවිත් රහසින්
ඒ මතකයන් අරගෙන යන්න
යලි කවමකවදාවත්
මතකයන් මතක් නොවෙන තරම‍ට
ඒ මතකයන් රුගෙන යන්න.....

අපි තාමත් එතන


ඉර බැහැල ගිහිල්ලා හඳ අහස‍ට එද්දි
මොන තරම් දේවල් හිතේ මැවෙනවාද?
නුඹයි මායි කදු පාර දිගේ ඇත ඉදන් ‍එනකොට
මිදුම් සලු තුලින් තරු පොකුරු වසා ගනිද්දි
ඒ හැම සිතුවමක්ම
නුඹ මගේ හිතේ ඇන්දා
මම විටෙක නුඹේ හිතේ ඇන්දා
ඒ සිත්තම් එකින් එක එකින් එක
මතකයේ වැලි තලාවන් මතින් වැසි ගිහින්
හමාගෙන යන මහ සුළගින්
ඒ වැළිතලාවන් ගහගෙන ගිහින්
එ මතකය අවධිවෙද්දි
නුඹ‍ටයි ම‍ටයි යලිත් එක වතාවක්
එකම එක වතාවක්
එ අතිතෙ‍ට යන්න පුලුවන්නම්
සත්තයි
අපි තාමත් එතනම‍යි.........

Monday, July 26, 2010

සුළග වගේ ඇවිදින්


මම වැස්සක්  වු දවස‍ට
ඔබ පොද වැස්සක් වි හැලෙන්න
ඒ වැස්සේ මුදනට වු
සඳ එලිය ඔබම වෙන්න
එහෙම ඇවිත් හින්සැරේ
දුකක් නොදි ලගින් ඉන්න
මම සුළගක් වු විටකදී
ඔබ පවනක් වි හමන්න
ඒ සුලගේ මුසුව එන
මල් සුවඳ ද ඔබම වෙන්න
එහෙම ඇවිත් හින්සැරේ
ඇස් තටු ය‍ට නතර වෙන්න
මම කලුවර වු මොහොතක
ඔබ පහනක් වි දිලෙන්න
ඒ එලියේ එක‍ට බැදෙන
ඇගිලි කිනිති ඔබම වෙන්න
එහෙම ඇවිත් හින් සැරේ
අපි අපේම බව කියන්න.

Sunday, July 25, 2010

අවසරද ලොකු සාදු


කහ සිවුර,බණ දහම්
මගේ පුංචි හදවත‍ට
බර වැඩියි ලොකු සාදු
හිස බිම‍ට නැඹුරු කර
සන්සුන්ව පා තබා
ඔබ වඩින ගමන ම‍ට
නුපුරුදුයි ලොකු සාදු
මගේ පැරණි මිතු කැල
දකින විට මගේ හිත
චංචලයි ලොකු සාදු
වඩින විට මාව‍තේ
අතීතය මතක් වී
සිත හඩයි ලොකු සාදු
පෝයදා පන්සල‍ට
තෙල් අරන් මල් අරන්
බුදු සමිදු පා පුදන්න‍ට
පැමිණ ඇත මවු පියන්
ඔවුන් හා දොඩන්න‍ට
සෙනෙහසින් වචනයක්
ඉතින් ම‍ට මදක්
අවසරද ..............‍‍
ලොකු සාදු.

Saturday, July 24, 2010

Skype ආදරයක්


අතිත න‍ටඹුන් දෝත‍ට අරගෙන
Skype හෙවන‍ට පාලු ඉසවුව‍ට මං ආවා
කොතැනක හෝ නුඹ
සිටිනව දැයි
වටපිට බලමින් මං සෙවුව‍ා
හඳපොදි  බැදි දුක සිත තුල හංගා
මුවින් සුසුම් හෙලුවා
සුසුමේ පහස‍ට සැලුන මගේ සිත
Skype එකෙන් නුඹ ගැන විමසුවා
Skype සේවනේ
තත්පර ගානේ
මතකය ඇවිදින් සිත රිදවුවා
නුඹ ම‍ට හිමී නැ වෙනකෙකු ලග බව
Skype එක දුකසේ ම‍ට කිවා
කලබල Skype එක අතරේ
පාලුව තනිකම ම‍ට දැනුනා
එදා ආ Skype වෙත ඔබ නොඑනා මුත්
එවි සිතා මම
මග බැලුවා

Friday, July 23, 2010

ඉඩදෙන්න ම‍ට


නුඹ මලක් වී පිපෙන්න‍ට පාරමී පුරන සඳ
මම මිදුලක්ව උපන්නෙමි
නුඹ‍ට ලෙංගතු නිසා
පිනි බිදුවක් ඇවිත්
නුඹ සිබින විට
සිතිනි පිනි බිදුවක් ලෙසින්
උපන්නා නම් කියා
එසේ වී නම් ඉතින්
ගෙමීදුලක් නැති නිසා
පිපෙන්න‍ට නොහැකි වී
නුඹ
දුකින් ඉකිගසාවි
පිනි බිදු වී එන්න
බෝහෝ දෙන ඇති මුත්
මිදුලක්ව ඉපදෙන්න
කිසිවෙකුත් නැති ලොවේ
මිදුලක්ව ඉපදෙන්න මගේ හද‍ට
ඉඩදෙන්න.

මතකයක් විතරද?

සිත් මලුව පුරාවට
ඔබේ ඔය පා තියලා
ඇද තිබු හැම රටා
හැඩි කලා දුව පැනලා
අමදින්න බැරි ලෙස‍ට
යලිත් එය ඉරි තලලා
කෙලෙස ඔබ සැගවුනිද
මා දමා
දුර ඇදිලා
ඔබේ මතකය ඇවිත්
සිත දැවෙනවා රිදිලා
 මගේ තුරුලේ උණුසුමත්
අසයි ඔබ කෝ කියලා
එත් ඔබ මතකයක්
විතර බව මම කියලා
හිත හදා සැනසුනෙමී
වෙන මගක්
නැති හින්දා.





Thursday, July 22, 2010

මගේ බිම් මල


නිතර පිපුනත් සුවද මල් ලොව
නුඹයි මා ලොව
පිපුනු බිම් මල
සුවද නැතුවත් ලොව‍ට දැනුනේ
නුඹේ සුවදයි මෙම‍ට
දැනුනේ
බුදුන් හමුවේ පිදුවේ නැ නුඹ
නුඹේ අගේ නැ ඔවුන් දුටුවේ
නු‍ඹේ ලස්සන අඩු වුනාදේ
නුඹ හිත‍ට එය
දරනු හැකිදෝ
එපා තැවෙන්න‍ට
පුංචි බිම් මල
නුඹ අකල‍ට පර නොවේ
නුඹේ අයිතිය
 මෙම‍ට දීපන්
රකීමී නුඹ මම හැම කලේ,
,,,,,,,,,,,,,,,,,,,,,,

Wednesday, July 21, 2010

යන්න එපා දුරු ර‍ටකට

රත්තරනේ යන්න‍ට හැදුවත්
කාසි සොයා දුරු රටක‍ට
දන්නවාද ඔබේ මැණික
වැලපෙනවා හදවතින්ම
එදා එද්දි ඉසුරු සොයන්
මගේ කදුලට සමකරන්න
කිසිවක් ඔබ ලග නැතිවෙයි
සත්තකින්ම
සොයා ගන්න
හදා ගන්න මේ හදවත
මා දුක් ගිනි ඉසුලු තරම්
ඔබ දැනගෙන හිටියා නම්
යන්නේ නෑ මා තනිකර

Tuesday, July 20, 2010

සිතක නැවතුම


නො‍සිතා ඉන්න‍ට සිත
බලකෙරුවත්
දැස සොයන්නනේ ඔය
රුවමයි
දහසක් ඇමතුම් නිරතුරැ
ඇසුනත්
සිත් අයදින්නේ ඒ
හඩමයි
ඔබ අන්සතු බව කොපමණ
කීවත්
පිටුපා යනකො‍ට හිත‍ට
දුකයි
වෙන්වී යන්න‍ට යලි යලි
සිතුනත්
සිත නවතින්නේ ඔබ
ලගමයි

ඇයි මෙතරම් නපුරැ

සද හිරැ තරැ අහසේ සැගවෙනවා
ඔබ මා අතහැර යන්න‍ට  යනවා
මගේ මේ හිත දුක් ගගක ගිලේනවා
ඔබම ඇවිත් ම‍ට සේනේහස පිදුවා
ඔබම යලිත් එය අරගෙන යනවා
විරහ කදුලු ඇස් අගට පිරේනවා
මා ඔබ ගැන හිත හිත ලතවෙනවා
ඔබ මගේ හිත හොදටම රිදවනවා
ද‍ාරාගන්න බැරි දුක් ගෙන එනවා
ඔබේ සුවද ලග මා තනි වෙනවා
ඔබ කොතරම් නපුරැදැයි සිතෙනවා.


ආදරණිය නුඹ‍‍‍ට

කොහොම ලියන්නද කියලා හිතුවත් මේක ඔයාට දැනගන්න ලියන්නම ඕනේ. කොහේ හිටියත් ඔයා කියවයි කියලා විශ්වාස කරලයි මේක ලියන්න හිතුවේ.මේ දේවල් ඔයා‍ට කියන්න ම‍ට වෙන විදියක් නැහැ.ඔයා කිවුව‍ා හරි මොකක් හරි නොදන්න බලවේගයක් අපිව මෙහෙයවනවා.අද එක ම‍‍ටත් දැනේනවා.කොහොම උනත් මං ඔයා‍ට මහ‍ා හුගක් ආදරේයි කියලා මං දැන් දන්නවා.ඒ ඇයි කියන්න දන්නේ නැහැ.මේ ආදරේට පැවැත්මක් නැහැයි කියලත් දැන් මං දන්නවා.මං ඔය‍ාගේ හිත රිද්දන්න නෙමෙයි ඔයා ලග‍ට ආවේ.මං ගෙ‍ාඩක් හින දැක්කා ඒ හැම දෙයක්ම ඔයා වෙනුවෙන් ඔයා‍‍ගේ ලෝකේ ඔයාගේ දියුණුව ගැනයි.එ ඇරෙන්න මං වෙන මුකුත් බලාපෙරෙත්තු වුනේ නැහැ වෙන්නෙත් නැහැ.මං හැමදාම හිටපු තැනමයි අදත් ඉන්නේ ඔයාමයි අවේ ඔයාමයි ගියේත්,මං දන්නවා ඔයා හිතයි දුක් ‍වෙන්න තරම් දෙයක් උනේ නැහැයි කියලා.ඔයා හරි එත් ම‍ට අද මේ දැනේන දේවල් ගැන කියන්න ම‍ං දන්නේ නැහැ.ම‍ට උත්තරයක් එපා ඔයා මේක කියවන්න එ ඇති.මේකට වෙන්න ඇති දෛයිවය කියන්නේ.මං මහමෙරක් තරම් ඔයා ගැන හිතුව‍ට ඔයාට මාව වැලිකැටයක් තරම් වත් නොවටින බව මං දන්නවා.කමක් නැහැ මේක එක පාරක් කියවන්න ලැබේන්න කියලයි මං පාර්ථනා කරන්නේ.අපි අදින් පස්සේ කවදාවත් කතා කරන්නේ නැහැ එක මං දන්නවා.ඔයාගේ හිනයක් සම්පුර්ණ කරන්න මං පොරෙන්දු වුනා එක මං මැරෙනකම් කරන්න පෙ‍ාරෙන්දු වෙනවා.එ මොකක්ද කියලා ඔයා දන්නවනේ ඔයා කොහේ හිටියත් ඒ දේ බලන්න.මේක මං කරන පුංචි ඉල්ලිමක් මේක කියවලා ම‍ට කියෙවුවා කියලා දැනගන්න එක පනිවිඩයක් වත් තියන්න එක මං ඔයාගෙන් ඉල්ලන අවසාන ඉල්ලිම.ඔයා වෙනුවෙන් ම‍ට කරන්න පුලුවන් හැමදේම මං කරනවා.එ වෙනුව‍ට ම‍ට මුකුත් එපා ඔයා‍ෙග් හි‍ෙත් සතු‍ටක් ඇතිවෙනවා නම් ම‍‍ට එ ඇති.ඔය‍ාට කත‍‍ා කරන්න හිතුනහම මං මෙහෙම ලියන්නම්.ඉස්සර අපි කතා කරපු දේවල් ඔයා‍ෙග් KIK එක හැමදාම තියා ගන්න.අපි දෙන්න මුලින්ම මුණ ගැසුනු තැන‍ට ඔයා ඉදල‍ා හිටල හරි එන්න.එ ආව‍ාහම මාව චුට්ටක් හරි මතක් කරන්න.ඔයා හිත‍ාගෙන හිටපු විදිය‍ට ලස්සන‍ට ‍‍ෙගයක් හදන්න.ඔයා දන්නවනේ මාව දෙවියෝ එවල තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන හින සම්පුර්ණ කරන්න ඒ හින්දා අපි එකතු වෙලා ප‍ටන් ගත්ත දේ මග නතර කරන්න එපා.දිගටම කරන්න.මොන හේතුවකින් අපි හම්බ වුනත් අද අපි වෙන්වෙලා.අපි හම්බුනු බව කවුරැත් දන්නෙත් නැහැ වෙන් වුනු බව කවුරැත් දන්නේත් නැහැ.
“සිටිනා කොදෙවුවක
නුඹ සැප විදිනම්
මවෙතින් ලැබු ආදරයත්
ලැබේ නම්
මතකය නුඹ‍ට හිරිහැරයක් නොවේ නම්
තව කුම‍කටද දුක් ගි කල්පනාවන්”
මතකයි නේද?අද ඒ කවිය මං සම්පුර්ණ කලා.මං කියලා කෙනෙක් හිටියා කියලා අඩුගානේ ඔයා ඔය ලොකු හිතේ කෙ‍නක හරි තියා ගන්න.ඒ ඇති ම‍ට
මේ ඔයාට මහා හුගක් ආදරේ
කරන ඔයා පොඩ්ඩක් වත් ආදරේ
නොකරපු ......................
ඔයා‍ට බුදු සරණයි
සමාවෙන්න මෙහෙම ලියන්න වුනාට.

Monday, July 19, 2010

තරහක් නැහැ

අරැත් තනන්න‍ට නුඹේ ජිවිතේ
තැබු පියවර අහුරාලා
ඉගිල ගියා නුඹ ආයෙත් සැරයක්
ඇගේ ලොවේ රන් විමන් සොයා
තරහක් නැ නුඹ යන්න‍ට හැදුවත්
මගේ පැතුම් ලොව බිදදලා
මගේ සතුටත් නුඹ‍ට එවා මම
බලා හිදිමී මග
කදුලු දාරා

බිදුනු මාලිගා


සිතුම් වසග කල
නුඹේ ‍‍පෙම අභියස
අසරණ වුවා මාපෙරදා
ලොවින් නිගා ලැබ
දුකින් නුඹේ ලග
රිදුම් දරාගෙන මා උන්නා
පැතුම් බිදෙන් බිද ගරා වැටෙන බව
දෝරෙ ගලන කදුලින් දැනුනා
පෙමින් නුඹේ ලග ඉන්නා පැතුම‍ට
බෝහෝ සෙයින් නුඹ දුක් දුන්නා
හින එකින් එක බිදි වැටෙද්දිත්
ඇස තුල නුඹ හැංගි උන්නා
අහස උස‍ට බැදි පැතුම් මාලිග
දෙදරා පය පාමුල වැටුනා
................................