Tuesday, July 27, 2010

මතකය රුගෙන යන්න


අපි හමුනොවුනනම් මේ ව‍ගේ දුකක්
හිත‍ට නොදැනෙයි කියලා
ම‍ට විතරක් නෙමෙයි ඔබ‍ටත් හිතේවි,
නුඹ ඉතිරි කර සුවඳ මා ලගින් රුගෙන යන්න,
නුඹ‍ට හැකිවේවි හෙට දවස
සතුටින් ඉන්න
මටත් හැකිවේවි
අපේ ඒ මතකයන් මේ හිතින් මකල දාන්න
නුඹේ සුවඳ දැනෙන්න දැනේන්න
මා ඒ අතිතෙ‍ට යනවා වැඩියි
නුඹ ගැන අලුත් බලාපොරොත්තු
පාර්ථනා පොදි බදිනවා වැඩියි
නුඹ‍‍ට හැකිනම්
ඇවිත් රහසින්
ඒ මතකයන් අරගෙන යන්න
යලි කවමකවදාවත්
මතකයන් මතක් නොවෙන තරම‍ට
ඒ මතකයන් රුගෙන යන්න.....

0 comments:

Post a Comment