
මළ හිරු බැස යන සැන්දැවේ
පාලුව තනිකම මකා දමා ඔබ
මා ළගටම වී උන්නා
සීතල සුළගේ පහසට නතු නොවු මා
ඔබගේ දෙතොලේ පහසට නතු වුවා
සීතළ සුළගත් නොබලා අප දෙස
පැතුවා අප හට ආශිර්වාදේ
සැමදා එක් වි පියවර යන්නට
නොමැකෙන ගීයක් සේ ඔබ මට
ලගින්ම සිටියා සෙවනැල්ල සේ ඔබ
ලංවී ඇත අද නුඹ හා මා
නොමැත මේතරම් සතුටක් දැනි මා හට
අද දින මා මේ විදින තරම්
සැරිසරන ලෝකයේ
සෙවනැල්ල වන්න නුඹ
ඇවිද යන මේ සංසාරයේ
ආදර හසරුල්ල වන්න නුඹ
ඇසිපිය හෙලන හැම මොහොතක් පවා
ඡයාව වී මැවෙන්න නුඹ
දකින සිහිනෙක සදා
රුදෙන්න මා අසලින්ම
මගේ සෙනෙහස නුඹේ තමා