Friday, July 9, 2010

අහිමි සද නුඹ



දුර ඇත අහස් ගැබ දිදුලන

සුපුන් සද වගෙයි ඔබ

ලංවෙන්න නොහැකි බව කියද්දි

පෙම්බැන්දා සඳ මුලු හදින් මම

දහවල ගෙවි රැය එලබෙන තුරැ

පෙරැම් පිරැවා නුඹ දකින්න

පායන විට නුඹ මගේ හිත් අහසේ

මගෙයි හැගුනා මෙ‍ාහොතක

අහිමි බව යාථාර්තයක් වන වි

නුඹ දෙස බලා සැනහෙන්නම් මම

සඳ අයිති අහස වුව

හිත් අහසේ මගේ සඳ ඔබ

හිනයක්

සැරසුනිමී මම නෙත් පිය‍ා
ගලපන්න මුතු පද වැලක්
සිහිනයක් වු නුබේ නෙත ලග
මගේ නෙතග‍ට සරදමක්
සැරසුනිමී මම කදුලු සගවා
තනන්න‍ට නුඹ ගැන කවක්
හරි තේරැමක් දෙන්න‍ට නැතත්
නුඔ හද‍ට ලංවුනු
සිහිනයක්


සිතු තරම්


නුඹ ගැන සිතු තරම්
නුඹ දන්නැ කොතරම්
සිත පෙලා දී දඩුවම්
සැගවුනේ ඇයිද රහසින්,

මල් පිපෙන වසන්ත‍ය ඇවිදින්
රත මල් පිපි ඇත මනරම්
වෙනදා‍ට වඩා වෙන ක‍ා‍ට වඩා
මේ ආදරේ නුඹ වෙනුවෙන්

සියොතුන් රගන පෙම් රැගුමන්
සිත මෝදු කරයි පෙම් හැගුමන්
ම‍ට බලන්න බෑ ම‍‍ට බලන්න බෑ
අද තනියෙන්