Friday, July 9, 2010

අහිමි සද නුඹ



දුර ඇත අහස් ගැබ දිදුලන

සුපුන් සද වගෙයි ඔබ ම‍ට

ලංවෙන්න නොහැකි බව කියද්දි

පෙම්බැන්දා එ සඳ‍ට මුලු හදින් මම

දහවල ගෙවි රැය එලබෙන තුරැ

පෙරැම් පිරැවා නුඹ දකින්න‍ට

පායන විට නුඹ මගේ හිත් අහසේ

මගෙයි හැගුනා මෙ‍ාහොතක‍ට ම‍ට

අහිමි බව යාථ‍ාර්තයක් වන වි‍ට

නුඹ දෙස බලා සැනහෙන්නම් මම

සඳ අයිති අහස‍ට වුව

හිත් අහසේ මගේ සඳ ඔබ

0 comments:

Post a Comment