
නුඹ ඇයගේ බව
ඇය නුඹගේ බව
ලෝකයම දන්නා රහසකි
අනන්තයක් නොමැතිව
තවත් දිව යනු රිසිද?
ඈත සිතිජය කොනක
අහස් ගැබ සිප වැලද ගත්තද
එයත් හරියට අපේ ආදරය මෙන්
මිරිගුවක් නොවේද?
අසම්මත බැදිමක
නුඹ මට
පෙම්කර පතන්නේ මොනවාද?
නුඹේ ජිවිතේ මට දෙන්නට
තැනක් නොමැති කල
තව තවත් හදට දුක් දිදි
පතන්නේ කුමක්ද?
මට නුඹව නුඹට මාවද
නුඹ ඇයගේ වෙන්නට පෙර
මුන නොගැසුනු පවට
දොස් නගන්නට ඇවැසි මුත්
දෛව්‍යයේ සරදමට එරේහිවි නැගෙන්නට
තරම් හයියක්
දුබල මගේ හිතට අද නොමැත
ලෝකයම සුව නින්දක හිදින
මේ අදුරු රාත්‍රියේ හද පිරුනු මගේ දුක
අකුරු කර තබන්නට නිහඩ වැයමක් දරන්නේ
හෙට අලුයම උපදින හිරුට පෙර
මගේ අන්තිම සුසුම් පොද
වාතයට මුසුවේයැයි
අති නිර්මල හැගිමේනි.
.............