Wednesday, August 11, 2010

නුඹ මගේ වෙනවාලු ඇත්තමද?

ඔය අහිංසක හිනාවට
ආදරෙයි මං හැමදාම
හිනාවෙලා කියන්න
එකම එක වතාවක්
මම නේද ඔබේ ජිවිතේ..........

අවිහිංසක පෙම් හින
හිත පතුලෙමයි තාම
ඉටුවෙයිද කවදාක
එ අපේ මල් හින
දන්නවාද?
එ දවස අපි අපේ වන දාට............

කදුලු මුතු කැ‍ට වේද
නුඹ නමින් මා හෙලන
දිවා රෑ දිගු නොවෙද
මං නැතිව නුඹ ගෙවන

කල්පයක් පාරමී
පුරන සඳ මං තනිව
නුඹ මගේ නුඹ මගේ
වෙනවාලු ඇත්තමද?



දැන් ඔබ මා තව දෙදෙනෙක් පමණයි


මින්දද මල් මැද
මුමුනන ගී පද
බිගු කැල විත් මල් පෙති මත ලීවද
මා මුමුණන මේ ආදර ගී පද
අහගෙන උන්නේ මද නල විතරද?
සෙනෙහස පොදි බැඳ දිව යන සුලග‍ට
නොගිහින් ඉන්න‍ට
කියන් මගේ ලග
ඔබ‍ට කියු දා ආදර ගී පද
අහගෙන ඉන්න‍ට ඔබ ලග උන්නද?
පිච්ච මලෙන් ඔබ අරගත් සුවඳයි
හිතව‍ට සරමින් රහසක් කොදුරයි
එ සුන්දර සිහිනය අග සුසුමයි
ඉතිරිව ඇත්තේ මතකය පමණයි
සුසුමන් පාවී සුළගේ නලියයි
ඇවිදින් මගෙ මුහුනේ
සැණකෙලියයි
ප්‍රේම කතාවක අවසන කදුලයි
දැන් ඔබ මා තව දෙදෙනෙකු පමණයි