Wednesday, August 11, 2010

දැන් ඔබ මා තව දෙදෙනෙක් පමණයි


මින්දද මල් මැද
මුමුනන ගී පද
බිගු කැල විත් මල් පෙති මත ලීවද
මා මුමුණන මේ ආදර ගී පද
අහගෙන උන්නේ මද නල විතරද?
සෙනෙහස පොදි බැඳ දිව යන සුලග‍ට
නොගිහින් ඉන්න‍ට
කියන් මගේ ලග
ඔබ‍ට කියු දා ආදර ගී පද
අහගෙන ඉන්න‍ට ඔබ ලග උන්නද?
පිච්ච මලෙන් ඔබ අරගත් සුවඳයි
හිතව‍ට සරමින් රහසක් කොදුරයි
එ සුන්දර සිහිනය අග සුසුමයි
ඉතිරිව ඇත්තේ මතකය පමණයි
සුසුමන් පාවී සුළගේ නලියයි
ඇවිදින් මගෙ මුහුනේ
සැණකෙලියයි
ප්‍රේම කතාවක අවසන කදුලයි
දැන් ඔබ මා තව දෙදෙනෙකු පමණයි

0 comments:

Post a Comment