Thursday, August 26, 2010

ආ‍දරේ බව නොදැනුනාද



සීතල පිනි බිදුවක් වි
පෙති මත සැගවි ඉනු මැන
සුවද දිදි එ මල් මත
සුවද හමා හිනැහෙනු මැන

සෙනෙහයෙන් හදවතට හොරෙන්
නුඹේ සුවද සොයන විටෙක
ආදරයෙන් හෙමින් ඇවිත්
මා තුරුල‍ට ලංවෙනවද

දැගිලි පැටලි ඔබ මා ලොව‍ට හොරෙන්
හෙමිහිට අද
දෙනයන එක් වි සෙනෙහෙන් මා කි‍දේ වැ‍ටහුනාද

පතන සිතුම් සිතන සිතුම්
පත් ඉරුවක නොලිවුවාට
ලොවට හොරෙන් නුඹ හ‍ට මම
ආදරේ බව නොදැනුනාද

නුඹ‍ට මතක නැති අතිතේ


මතකද නුඹ හ‍ට
ඉස්සර දවසක
අප හමුවුනු ඒ උයන් කොනේ
මුහුන බලාගෙන
නෙතින් කතා කර
සේනෙහස විදි ඒ සොදුරු පැයේ
සොදුරු මිහිරි බව අදත් විදිනවා
තනිවම මම මේ උයන් කොනේ

නුඹ අද ඇය හා සිටිනා විට
පෙර අප හමු වු උයන් කොනේ
නැතිවද බිදුවක් මා සිහිවන්නේ
නුඹ ගෙවනා හැම තත්පරයේ

අමතක කෙරුවත්
අසුරු සැනින් නුඹ අප ලං වි
උන් එ කාලේ
අප දෙදෙනා උන් බංකු පේලි දෙක
තාමත් අද ඇත එදා වගේ

හමුනොවනා දිනයක් කල්පයක්



සොදුරු සිතුවිල්ලක්ව ඔබ
මා අසල රුදෙන විට
හද සනසාලන මිහිරි වදනක්ව
නුඹ මා අසල මා අසල ගැයෙන විට
අපි හමුවන හැම දිනම
නුඹ මහාමෙරක් මෙන් මා අසල රුදෙන විට
අපේ ආදරේ කොතරම්
සුමිහිරිද
පැය ගනන් වුව ඔබ හා ‍දොඩමලු වුවත්
තව කියන්න‍ට වදනක් ශේෂ වන විට
හමු නොවු දිනයක්
කල්පයක් යැයි
විටෙක ම‍ට සිතේ
ඇත්තටම ඒ ආදරේ නම්
මම නුඹ‍ට ආදරේයි එතරම්