Wednesday, August 4, 2010

නුඹ මං නැති කරගත් හැටි


සියුමැලි මල් කැකුළු තළා
පවු පුරවා ගත්
බඹරා නුඹ
මල් පෙති මත
කදුලු හලා
මල‍ට දුක්
දුන්නා නුඹ
රිදව රිදව
මල් පෙති
උදුර උදුර  හසරුලි
දුන් දුක් හොද‍ටම ඇති
නුඹ
පවු පුරව ගත් හැටි
නළව නළව
අත්තටු
සිඹ සිඹ
ඇහි පිහාටු
දුන් දුක හොද‍ටම ඇති
බලන්න
නුඹ මාව
නැතිකරගත් හැටි

නුඹ ම‍‍‍‍ට බොරු කර වරද‍‍ට

සසර ගමනේ නිමේෂයක
අප නෙත් හමු වු වරද‍ට
ඔබ දැසින් සෙනේහස දුටු විට
මා රුවටුනු වරද‍ට
සෙනේහස ගැන ඔබේන් අසා
මසිත රව‍ටාගත් වරද‍ට
වන්දී ගෙවමී කදුලු වලින්
ඔබ‍ට සේනේහෙ පැ වරද‍ට
කලුදුල් පෙම නුඹ‍ට පුදා
නුඹ සත්‍යයි සිතු වරදට
නුඹ මුවගින් ගැලු  වදන්
සැනෙකින් පිළිගත් වරද‍ට
මිතුරන් තෙපලු එවදන්
ඉවත හෙලා දැමු වරද‍ට
හද ‍ඉකි බිද බිද වැලපෙයි
නුඹ ම‍ට බොරු කල වරදට
........................