
මම වැස්සක් වු දවසට
ඔබ පොද වැස්සක් වි හැලෙන්න
ඒ වැස්සේ මුදනට වු
සඳ එලිය ඔබම වෙන්න
එහෙම ඇවිත් හින්සැරේ
දුකක් නොදි ලගින් ඉන්න
මම සුළගක් වු විටකදී
ඔබ පවනක් වි හමන්න
ඒ සුලගේ මුසුව එන
මල් සුවඳ ද ඔබම වෙන්න
එහෙම ඇවිත් හින්සැරේ
ඇස් තටු යට නතර වෙන්න
මම කලුවර වු මොහොතක
ඔබ පහනක් වි දිලෙන්න
ඒ එලියේ එකට බැදෙන
ඇගිලි කිනිති ඔබම වෙන්න
එහෙම ඇවිත් හින් සැරේ
අපි අපේම බව කියන්න.