Monday, August 30, 2010

නොකියාම ගියේ




රු අහස බලා
තරු කිනිති සොයා
ඔබ ඉන්න තැනක්
දැනගන්න කියා

නුඹේ සුවඳ අරන්
එනතුරුම බලන්
හිටියට සුළග
නොකියම ගියා

මුලු දවස පුරා
නුඹ එතැයි කියා
මග බලන නමුත්
සිත දුකම තියා

මගෙ නිහඩ ආදරේ
මග අතහැර දමා
සකි සදුනි නුඹත්
නොකියාම ගියා

සගවමී මගේ දුක ලොවට



නුඹ එනතුරු මග බලන්නම් මා
තනිවම අද පාලු ඉමක හිද
එදා වගේම දවසක් ආයෙත් ඇවිදින්

නුඹ එනවද
මුව සිනාව පුරෝගෙන

අත් අල්ලන් ඉයුරු කොනක
ආදර බස් කියු අයුරු මතකද ඔබ හ‍ට

එ මතකය අද මා හා තනිවම
තනි රකිමින් හඩනවා

ගලන කදුලු හා ගං දිය
මුසු වි අද ගග යන දුර
නුඹ නැති දුක ලොව‍ට වසන් කර
මං තාමත් මග බලාන