Monday, August 30, 2010

නොකියාම ගියේ




රු අහස බලා
තරු කිනිති සොයා
ඔබ ඉන්න තැනක්
දැනගන්න කියා

නුඹේ සුවඳ අරන්
එනතුරුම බලන්
හිටියට සුළග
නොකියම ගියා

මුලු දවස පුරා
නුඹ එතැයි කියා
මග බලන නමුත්
සිත දුකම තියා

මගෙ නිහඩ ආදරේ
මග අතහැර දමා
සකි සදුනි නුඹත්
නොකියාම ගියා

0 comments:

Post a Comment