Wednesday, July 14, 2010

කිමද මා කල වරද?




ඇය බැදි පෙම
සිතින් මකන්න‍ට නොහැකිව
ඇයි ඔබ පැතුවේ
සෙ‍නෙහස මගේ ලොවින්
ඇය සනසන්නද?
මා හඩවන්නද?
මට ව‍ටහා ගත නොහැක ඉතින්
ඇ නෙතු ගැටුමෙන්
ඔබේ හැගුම් වැල්
යලි ඉපදුණු බව මම දනිමී
එ ගිනි දැල් වැල් දුක් ගින්නක් වී
මහද දවන බව
ඔබ නොදනී.


දුක නැද්ද නුඹ හ‍ට


හඩන මේ ඇස් වල‍ට
තව තවත් කදුලු දෙන
දුක නැද්ද දැනෙන්නේ
බිදක් වත් ඔය සිත‍ට
රිදෙන සිත තව තවත්
පාරන්න රිදවන්න
දුක නැද්ද පවසන්න
දැනෙන්නේ ඔය සිත‍ට
එපා තව කදුලු නම්
බැහැ දරන්න තවත් නම්
සමුගනිමී අහිමී නුඹ
සමරමීන් මෙලෙස මං