Monday, July 19, 2010

තරහක් නැහැ

අරැත් තනන්න‍ට නුඹේ ජිවිතේ
තැබු පියවර අහුරාලා
ඉගිල ගියා නුඹ ආයෙත් සැරයක්
ඇගේ ලොවේ රන් විමන් සොයා
තරහක් නැ නුඹ යන්න‍ට හැදුවත්
මගේ පැතුම් ලොව බිදදලා
මගේ සතුටත් නුඹ‍ට එවා මම
බලා හිදිමී මග
කදුලු දාරා

බිදුනු මාලිගා


සිතුම් වසග කල
නුඹේ ‍‍පෙම අභියස
අසරණ වුවා මාපෙරදා
ලොවින් නිගා ලැබ
දුකින් නුඹේ ලග
රිදුම් දරාගෙන මා උන්නා
පැතුම් බිදෙන් බිද ගරා වැටෙන බව
දෝරෙ ගලන කදුලින් දැනුනා
පෙමින් නුඹේ ලග ඉන්නා පැතුම‍ට
බෝහෝ සෙයින් නුඹ දුක් දුන්නා
හින එකින් එක බිදි වැටෙද්දිත්
ඇස තුල නුඹ හැංගි උන්නා
අහස උස‍ට බැදි පැතුම් මාලිග
දෙදරා පය පාමුල වැටුනා
................................