Sunday, July 25, 2010

අවසරද ලොකු සාදු


කහ සිවුර,බණ දහම්
මගේ පුංචි හදවත‍ට
බර වැඩියි ලොකු සාදු
හිස බිම‍ට නැඹුරු කර
සන්සුන්ව පා තබා
ඔබ වඩින ගමන ම‍ට
නුපුරුදුයි ලොකු සාදු
මගේ පැරණි මිතු කැල
දකින විට මගේ හිත
චංචලයි ලොකු සාදු
වඩින විට මාව‍තේ
අතීතය මතක් වී
සිත හඩයි ලොකු සාදු
පෝයදා පන්සල‍ට
තෙල් අරන් මල් අරන්
බුදු සමිදු පා පුදන්න‍ට
පැමිණ ඇත මවු පියන්
ඔවුන් හා දොඩන්න‍ට
සෙනෙහසින් වචනයක්
ඉතින් ම‍ට මදක්
අවසරද ..............‍‍
ලොකු සාදු.