
දරා හද තුල ආදරය
ගුලි කරන් ඔබ ගැන මතකය
පතාගෙන ඔබේ ඔය සුරත
මග බලන් හිදිමී මම තවම
මවා සිහින ලොව ඔබ ගැනම
ලියා පෙම් කවි පිටු අතර
නෙත් කියු පෙම් කවි හිත තුලම
ගුලිකරන් මම ඉන්නවා
ජිවිතය ගැන කියා දුන් ඔබ
ආදරය යන අකුරු කියු ඔබ
නැවත එන තුරා මා වෙතම
මගබලා හිදිමී තවමත් මං
මගේ හිත ඔබ ගැනම
ලියු පෙම් කවි කොතරම්
නොවැටහුනත් ඔබට මා සෙනෙහස
අනේ මා
මක්කරන්නද?
ජිවිතය පුරා මම ඔබට
කියාගන්නට නොහැකිව
ආදරය තුරුලු කොට
ලියු පෙම් කවි කොතරම්ද?
ඔබ ගැන මතකය ගුලිකර සිහින මවමින්
ඔබ ගැන
මග බලන් හිටියට
ඔබ නොඑන බව දනිමී මම