Wednesday, August 18, 2010

ම‍ට මං ගැන දුක නැති


ම‍‍ට මං ගැන දුක නැති
නුඹ‍ටම මම කැප වෙමී
කදුලු වල‍ට ඉඩ නොදි
සිනා කුසුම්
පුදදෙමී

අනේ නුඹ‍ට තුරුලු වි
නුඹේ දුකත් අරගමී
කදුලු නුඹ‍ට බර වැඩි
ඒ බර මගේ කර ගමී

නුඹ යන දින දුකමදී
නොපෙනෙන්න‍ට වැළපෙමී
ඒ දුක් ගිනි මැද‍ට වී
නුඹට සිනා පළදමී

පෙම් හිත කවදත් මලක් වගේ


අපි හමුවෙනවා නම් ආයෙත් හමුවෙමු
කදුළු හලමු පොඩි එවුන් වාගේ
මහවැසි වැටිලා
පිටාර ගලනා ගගක් වගේ

අත්වැල් ප‍ටලා සිනාසිසී යමු
ඉමක් කොනක් නැති පාර දිගේ
කතා නොකර අපි
 ඔහේ බලා ඉමු
නෙ‍ාසැලී මහනුග රුකක් වගේ

සිහින දර‍ා ගෙන පැතුම් පුරා ගමු
අග මුල නොපෙනෙන
අහස වගේ
කවදත් අප සිත් තැළි පෙළී යයි
පෙම් හිත කවදත් මලක් වගේ

ගොලු වු හදවතක්


සීත මිදුමු බොද වුනාදෙන්
පාට දේදුනු මැකි ගිය දෙන්
රන් සමනලුන්
යලි නාවදෙන්
දැන් ඉතින් මා ඔබේ නොවේ නම්

කෝ එදා දුටු චමත්කාරය
දුරස් වු එ සුන්දරත්වය
ඇස් ඉදිරියේ නිලංකාරය
තව සිතිමත් භයන්කාරය

පායන්න‍ට එපා හිරු සදු
කුමක‍ටද මේ සුළග මද මුදු
පිපෙන්නේ ඇයි තවත්
කෞමදු
තව හදවතක් වුනා අද ගොලු