Wednesday, August 18, 2010

ම‍ට මං ගැන දුක නැති


ම‍‍ට මං ගැන දුක නැති
නුඹ‍ටම මම කැප වෙමී
කදුලු වල‍ට ඉඩ නොදි
සිනා කුසුම්
පුදදෙමී

අනේ නුඹ‍ට තුරුලු වි
නුඹේ දුකත් අරගමී
කදුලු නුඹ‍ට බර වැඩි
ඒ බර මගේ කර ගමී

නුඹ යන දින දුකමදී
නොපෙනෙන්න‍ට වැළපෙමී
ඒ දුක් ගිනි මැද‍ට වී
නුඹට සිනා පළදමී

2 comments:

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ said...

මට නුඹ ගැන දුක ඇතී..
බොරුවට වැලපෙන හැටී....
ගිය එකාට යන්න නොදී
ඉකි බිද බිද වැලපෙතී....

හිටියත් ඔබ තුරුලු වී..
රැවටී ඇති සැටියෙකී...
දුක් ගින්දර දී ඔබහට
ඔහු පැනගොස් ඇත සකී..

මල මදහස රැලි කරන්..
හිටියට මුව දික් කරන්..
රොන් අරගත් පසු බමරිදු
ඔච්චම් කර පැන ගොසින්...

sameeramls said...

දුක සගවාගත හැකි පුද්ගලයෝ උතුම්ය..

Post a Comment