Wednesday, August 18, 2010

පෙම් හිත කවදත් මලක් වගේ


අපි හමුවෙනවා නම් ආයෙත් හමුවෙමු
කදුළු හලමු පොඩි එවුන් වාගේ
මහවැසි වැටිලා
පිටාර ගලනා ගගක් වගේ

අත්වැල් ප‍ටලා සිනාසිසී යමු
ඉමක් කොනක් නැති පාර දිගේ
කතා නොකර අපි
 ඔහේ බලා ඉමු
නෙ‍ාසැලී මහනුග රුකක් වගේ

සිහින දර‍ා ගෙන පැතුම් පුරා ගමු
අග මුල නොපෙනෙන
අහස වගේ
කවදත් අප සිත් තැළි පෙළී යයි
පෙම් හිත කවදත් මලක් වගේ

0 comments:

Post a Comment