Tuesday, July 27, 2010

මතකය රුගෙන යන්න


අපි හමුනොවුනනම් මේ ව‍ගේ දුකක්
හිත‍ට නොදැනෙයි කියලා
ම‍ට විතරක් නෙමෙයි ඔබ‍ටත් හිතේවි,
නුඹ ඉතිරි කර සුවඳ මා ලගින් රුගෙන යන්න,
නුඹ‍ට හැකිවේවි හෙට දවස
සතුටින් ඉන්න
මටත් හැකිවේවි
අපේ ඒ මතකයන් මේ හිතින් මකල දාන්න
නුඹේ සුවඳ දැනෙන්න දැනේන්න
මා ඒ අතිතෙ‍ට යනවා වැඩියි
නුඹ ගැන අලුත් බලාපොරොත්තු
පාර්ථනා පොදි බදිනවා වැඩියි
නුඹ‍‍ට හැකිනම්
ඇවිත් රහසින්
ඒ මතකයන් අරගෙන යන්න
යලි කවමකවදාවත්
මතකයන් මතක් නොවෙන තරම‍ට
ඒ මතකයන් රුගෙන යන්න.....

අපි තාමත් එතන


ඉර බැහැල ගිහිල්ලා හඳ අහස‍ට එද්දි
මොන තරම් දේවල් හිතේ මැවෙනවාද?
නුඹයි මායි කදු පාර දිගේ ඇත ඉදන් ‍එනකොට
මිදුම් සලු තුලින් තරු පොකුරු වසා ගනිද්දි
ඒ හැම සිතුවමක්ම
නුඹ මගේ හිතේ ඇන්දා
මම විටෙක නුඹේ හිතේ ඇන්දා
ඒ සිත්තම් එකින් එක එකින් එක
මතකයේ වැලි තලාවන් මතින් වැසි ගිහින්
හමාගෙන යන මහ සුළගින්
ඒ වැළිතලාවන් ගහගෙන ගිහින්
එ මතකය අවධිවෙද්දි
නුඹ‍ටයි ම‍ටයි යලිත් එක වතාවක්
එකම එක වතාවක්
එ අතිතෙ‍ට යන්න පුලුවන්නම්
සත්තයි
අපි තාමත් එතනම‍යි.........