Tuesday, August 31, 2010

ඔය හිත‍ට අමතකද



හරි ආදරයෙන්
තුරුලු කර ගත් ඔය ආදරය
මට මුලු ලෝකයටත් වඩා වටිනව කියල
ඔය හිත‍ට අමතකද?

මම  නොදනි මගේ සිත ගැන
රුය පහන් වන තුරුම
දවස ගෙවනා තුරුම

ඔබ ගැනම සිතනවා

ඔබම ම‍ට පේනවා

අන්සතු ප්‍රේමයක්
නමින් මා තැවෙනවා
අයිති නැති වුනත් මට
නොයනු මැන මා දමා

පිං මදිලු ම‍ට නුඹ ලබන්න‍ට



මානෙත් නිතරම
නුඹව සොයනවා
හැමදාකම
ඔබ නොදකින හැම වාරයකම
මගේ නෙත් අග කදුලු
ඇවිත්
ම‍ටත් නොදැනිම
ඔබ‍ට පුලුවන්නම්
සිහිනෙන් හරි
මගේ නෙතු මානය‍ට එන්න
මගේ ඇස් කතා කරවි
නුඹ එක්ක
ආයෙත් පුලුවන්නම්
ඉස්සර වගේ
ඔය දැ‍තේ පැටලිලා
ඇවිදන් යන්න
ඒත් මං කල පිං මදිලු නුඹව
ලබන්න‍ට