Tuesday, August 3, 2010

ඇයි සුහදානනි,‍‍‍


ලං වෙන්න‍ට ඔබ වෙත‍ට
පියවරක්
දෙපා තබමී මම
පැතුම් පුරා
මවෙතින් දුරු වන්න‍ට
ඔබ
පියවර දහසක් තබනවා
ම‍ටත් හොරා
දෙනෙත කදුලු පිසදා
හිනැහෙමී මම
සුසම් සගවාගෙන
ලොව‍ට හොරා
ම‍‍ට පිටුපාලා ඇයට
සිනහ වෙලා
පිදුවේ ඇයි ඔබ
හිත‍ට හොරා
ඔබ‍ට පිදු හිත
ඔබ‍ට පිදු ගත
වෙන කෙනෙකු‍ට නැත හිමි
වන්නේ
ඒ බව දැන දැන ඇයි
සුහදානෙනි
මා නෙතුමානෙන්
දුරුවන්නේ.........

සංසාර බැඳුම බිඳි ගියෝය........



නැළවිම සේම ඇඩවිම කළෙත්
 නුඹමයි
සැනසිම සේම රිදවිම කළෙත්   
නුඹමයි
ළංවිම සේම හැරයාම කළෙත්  
නුඹමයි
මේ සැම දේම විඳ දරා ගත්තේ
 මමමයි.
සංසාර සුවඳ දැනුණා ද ඇසුවේ
නුඹමයි
පින්සාර මුවින් නුඹ මගෙයි කීවේ
නුඹමයි
සංසාර බැදුම බිද දමා ගියෙත්
නුඹමයි
පවුකාර කම‍ට හැමදාම වෙනනෙ
මෙහෙමයි
උණුසුම‍ට ගුළිව සෙනෙහසක් සෙව්වේ
නුඹමයි
උණුසුම‍ට මත්ව තනිවුණේ මගේ
සිතමයි
තනි රකින්න ගිය තනිවුණේ මගේ
පෙමමයි
විඳගන්න ගිහින් විඳවන්න වුණේ
ම‍ටමයි..........