Sunday, July 18, 2010

මං තාමත් මග බලාන



වැස්ස වෙලා නුඹ වැටුනත්
මගේ මුදු මල් පෙති මත්තට
හිනාවෙලා සිප ගන්නම්
රිදුනත් පෙති තද වැස්ස‍ට
සුලග වී නුඹ හැමුවත්
මගෙ ආදර මල් උයන‍ට
ආදරයෙන් පිළිගන්නම්
යනමුත් නුඹ නොනැවතිම
කදුලක් වී නුඹ ආවත්
වියලුණු නෙත් අතරතුරට
නොසලා රදව‍ා ගන්නම්
සිනා නැ‍ෙග් නම් නුඹ වත
මගේ නමට ගෙ‍ාලු වී නුඹ
වැහුවත් හඳ කවුලුව අද
දුක නෑ සබදේ මා ලග
සුරැකෙයි ඔබ මතකයක්ව
සේරම තරැ ඔබ නෙලන්න
තරැවේ එලිය ම‍ට තියන්න
එ එලියෙන් අකුරැ ඇහිද
ඔබ ගැන කවියක් ලියන්න
මුලු අහසම ඔබම ගන්න
පුංචි ඉඩක් ම‍ට තියන්න
මගේ සිතේ ඇදි ඔබේ රැව
අහසේ සිත්තම් කරන්න
සේරම මල් ඔබ නෙලන්න
ගසේ සෙවන ම‍ට තියන්න
ඒ සේවනේ කල්ප ගණන්
ඔබ එනතුරැ බලන් ඉන්න..........

අවසරද කියන් ම‍ට...........




නෙතු පියන් ඉන්න‍කො‍ට
හිනැහෙමින් නුඹ ලගට
කප්පරක් පැතුම් ගෙන
ආදරයෙන් එන්නනෙමි මම
විවර කල පසු දෙනෙත්
නෙත පුරා දැක ගන්න
ආදරයෙන් ඉන්නෙම් මම
නෙත හෙලන කදුලු පිස 
නිවා හද පෙලෙන දුක
එති එති ඔබ ව‍‍ටා
රකින්නම් ආදරයෙන් නුඹ
එක් වරක් කියනු මැන
ආදරේයි නුඹ මෙම‍ට
ජිවිතේ පුරවට
රැදෙන්නම් නුඹේ ලග.................