Wednesday, August 4, 2010

නුඹ මං නැති කරගත් හැටි


සියුමැලි මල් කැකුළු තළා
පවු පුරවා ගත්
බඹරා නුඹ
මල් පෙති මත
කදුලු හලා
මල‍ට දුක්
දුන්නා නුඹ
රිදව රිදව
මල් පෙති
උදුර උදුර  හසරුලි
දුන් දුක් හොද‍ටම ඇති
නුඹ
පවු පුරව ගත් හැටි
නළව නළව
අත්තටු
සිඹ සිඹ
ඇහි පිහාටු
දුන් දුක හොද‍ටම ඇති
බලන්න
නුඹ මාව
නැතිකරගත් හැටි

0 comments:

Post a Comment