Thursday, August 5, 2010

ඇයි නපුරු ඔය හැටි


කදුළු කුම‍ට ද මේ හැටි
රිදෙව්වා හොඳ‍ටම ඇති
එක සිනා බිඳුවක් වටී
ඇයි නපුරු ඔය හැටි සිතුනි
සුනිල දියරුඳි
නෙත් විලේ
නිලුපුල්වල‍ට දෝ
පෙම් කළේ
නිලුපුල ද රිදවා ඒ විලේ
ඇයි නිල් වතුර නුඹ
බොර කළේ
දුක ම එන බව දැන දැනී
තවත් නුඹ‍ටම
ළං වුනී
හුගාක් බර ආදරය දී
නුඹ
බොහො දුරින් හිඳ
හිනැහුනී.

1 comments:

buddhika said...

mekita pissu
hodata ma pissu

Post a Comment