
නෙත්විල උතුරාගෙන
උණු කදුලු ගලන විට
මම අඩන්න ආසයි
නුඹ තුරුලට අරගෙන
සිත්බිම පුරා පුපුරා යන
පෙම් නියගය අවාම
මම දැවෙන්න ආසයි
නුඹේ තුරුලෙම ඉදගෙන
හද විමන කඩා ගෙන
පෙම නටබුන් වු දින
මම වටහා ගන්නම්
නුඹ සමුගෙන ගිය වග
හෙට තනිකම ආ සඳ
හනිකට මාව සොයාගෙන
මම වටහා ගන්නම්
නුඹ අන්සතු වු බව
මම සමුගෙන යන්නම්
දුක උහුලනු බැරි තැන
මම පහදා දෙන්නම්
මං තාම නුඹේ බව
1 comments:
අනේ..... මේ කවිය කියවද්දි ඇස් වල කදුලුත් ඇවිත්.... ඒත් නිර්මාණය හරිම ලස්සනයි.....
Post a Comment