Friday, August 6, 2010

තව දවසක් ඇවිත් යන්න


හැමදාමත් ඔබට ලියන මගේ
ගී පොතේ
නොලියුණු පිටු තව බොහොමක්
ඉතිරි වී තිබේ
මගේ ගී පොතේ

මගෙ ගී පොත පුරවගන්න
 පද වැලක‍ට ඔතා ගන්න
තව දවසක් ඇවිත්
ඉන්න ලග‍ට වී මගේ
නුඹ ගැන ලියු ගීත මිසක්
වෙන ගී නෑ මගේ පොතේ

තුන්හිත හැමදාම රිදේවි
නෙතු අග කදුලැලි ‍රුදේවි
කදුලු සුසම් ගී පදවැල් වෙලා
ගිලිහේවි

ආසයි මං විදගන්න‍ට
ගී උල්පත නුඹයි
මගේ
සසර මාව‍තේ

2 comments:

හිරු ප්‍රභා said...

නොලී පිටු බොහෝ ඇති
ඔබේ ගී පද පොත
නොතෙමෙන්න නොකැඩෙන්න
රැක ගන්න ආදරෙන්

මෝඩයා said...

truly beautiful.......:)

Post a Comment