
නුඹ මලක් වී පිපෙන්නට පාරමී පුරන සඳ
මම මිදුලක්ව උපන්නෙමි
නුඹට ලෙංගතු නිසා
පිනි බිදුවක් ඇවිත්
නුඹ සිබින විට
සිතිනි පිනි බිදුවක් ලෙසින්
උපන්නා නම් කියා
එසේ වී නම් ඉතින්
ගෙමීදුලක් නැති නිසා
පිපෙන්නට නොහැකි වී
නුඹ
දුකින් ඉකිගසාවි
පිනි බිදු වී එන්න
බෝහෝ දෙන ඇති මුත්
මිදුලක්ව ඉපදෙන්න
කිසිවෙකුත් නැති ලොවේ
මිදුලක්ව ඉපදෙන්න මගේ හදට
ඉඩදෙන්න.
2 comments:
සිඹින්නට කඳුලක් නැතිව
මගෙ ඇස් ගෙවෙන කොට
ඈත ඉමේ හන්තානේ ගුරුකුලයේ
ඔය ඇස් දෙකේ
අනංග මල් පුදිනකොට
පිනි බිදුවකට හැකි වේද
මගෙ හදවත උනුහුම් කරන්න.
මහවැලියෙන් උපන් කදුලු උල්පත
මගෙ
ඇස් දෙකයි,හදවතයි
වටකොට සෑදූ කොටුපවුර
බිදලන්නට හැකිවෙයිද
ඔය පුංචිම පුංචි
පිනි කැටේට.
ඔය පිනි කැටේට.
ජීවිතයේ කඩ ඉමක්
හන්තාන ගුරුකුලය
ඒ ගුරු පාරේ
මග අවුරා
ආල ඉගි වලින්
මා තනිවිය….
හඳවතද මට දෙස් තියා
මාව දැවීය….
තවකෙකුට ආල වඩන ගමන්
මගෙ ඇස් වලම රැන්දිලා
ඇස් මුලාකොට
මා මුලාකොට
ඔබ
ගුරුකුලයට පෙම්බැදීය….
සත්තයි..
මට හඩ ගා කිව හැක
සැනසී විදිය හැක
මගේ ගතේ ගැහැනියක්
ස්පර්ශ නොවී ඇත.
මෙතුවක්.
නමුදු
මගේ ඇස්
මගෙ හදවත
මගෙ සෙනේහය
නොයිදුල් බව
මට හඩගා කිව හැකි ද?
Post a Comment