Thursday, August 19, 2010

උරුම සතුට මෙය නම්



සුපුරුදු තනිය තව ලං
කර අතිතය‍ට එබේන්නම්
නුඹේ කදුලු අද මා ලග
මම සැමදා හඩන්නම්

කල පවු මැද උරුම සතු‍ට මෙපමණ
යැයි සිතන්නම්
මා හැර ඔබ යන ගමනට
සුභ පැතුමක් පතන්නම්

මගෙන් දුරක ගියත් මේසේ
ඔබ ගත සිත සුවෙන් නම්
මම පිදු පෙම කදුලු උනත්
එය සතුටින් විදින්නම්

එය මගෙ පෙර පවක් නම්
යලිත් අපේ හමුවිමක් මේ භවයෙදි නොවේ නම්
මේ කදුලැලි නුඹ‍ට නොදි
මේලෙසින් සමු යදින්නම්


0 comments:

Post a Comment