Wednesday, September 15, 2010

නුඹ රුගු පෙම් රුගුම්


නොලැබුනත් වසන්තය
මම හනික එමී ඔබ ලගට
මවා පෙම් සිහින ලොව‍
දකිමී ඔබ එහි සැම දින

සත් වසක් එකම ලෙස
දුටුව එ පෙම් සිහිනය
දකිමි තවමත් මම
මොහොතකින් හෝ අඩු නැතිව

විඩාබර නෙත් අගට
විය සිසිල නුඹ එදින
මවා පෙම් සිහින ලොව
කෙරු රග හැටි පුදුම

දිනෙන් දින ගෙවුනද
අපේ පෙම තවමත් එලෙසමය
නුඹ ගැන මැවු පෙම් ලොව
තවමත් හිත තුල එලෙසමය

0 comments:

Post a Comment