Thursday, July 15, 2010

පතා නැති පැතුමන්


කලා සෙලොස පුර හද සේම
මගේ හිත‍ට එලියයි ඔබ දුටුවාම
සඳක් සේම නිකලැල් ඔබේ සිත ගාව
මගෙ හිත නැවතුනා ම‍ටවත් නොදැනිම
උදැසනක් සේ සුමිහිරි සිනාව‍ට
මිනි පහනක් සේ සුපසන් දෙනුවන‍ට
මටත් හොරා ඉපදුනු ලෙංගතු කම‍ට
මගෙ සිත තැවෙයි ලංවෙනු බැරි කම‍ට
මල‍ට රේණු සේ ඔබ ලග රැදෙනු බැරි
හිරැට නෙලුම වී සිත ලග හිදිනු බැරි
සසර පතා නැති පැතුමක් පතනු බැරි
ඔබ‍ට මිසක කාටත් දුක කියනු බැරි
මල් පවනේ ඔබේ සිසිලස දැනේවා
රැ සිහිනෙන් ඇසිපිය ය‍ට රැදේවා
සද දහසක් කැල්මෙන් ඔබ දිලේවා
මතු ජාතිවත් මගෙ දෝතේ පිපේවා.



2 comments:

Anonymous said...

බොහොම ස්තුති

Shadow/හේමලයා said...

lovely.....:)

Post a Comment