ඔබ මල් කැකැළු අරන් එන්න
සත්තයි මම ආදරයෙන්
පුබුදු කරන්නම්
ඔබ වැසි කදුලු අරන් එන්න
සත්තයි මම ඒවා ඔබේන්
ඉල්ලා ගන්නම්
ඔබ සිනා මලක් වෙන්න
මමත් සිනාමලක්
ම වෙන්නම්
ඔබ කවුළු පියන් අරින්න
මම පවන් රොදක්
වී හද කුටියට එන්නම්
ඇහි පියන් වහන් ඉන්න
ඇහිපිහිටු ඇතුලෙම ඉන්නම්
සංසාර සුවඳ ඔබට
දැනේ නම්
ඒ සුවඳ එක්ක මං හැමදාම ජිවත් වෙන්නම්
2 comments:
අනේ කොච්චර එකක්ද???
hmmmmmm....
Post a Comment