Monday, August 9, 2010

ඇහි පියන් වසා ඉන්නම්


ඔබ මල් කැකැළු අරන් එන්න
සත්තයි මම ආදරයෙන්
පුබුදු කරන්නම්
ඔබ වැසි කදුලු අරන් එන්න
සත්තයි මම ඒවා ඔබේන්
ඉල්ලා ගන්නම්

ඔබ සිනා මලක් වෙන්න
මමත් සිනාමලක්
ම වෙන්නම්
ඔබ කවුළු පියන් අරින්න
මම පවන් රොදක්
වී හද කුටිය‍ට එන්නම්

ඇහි පියන් වහන් ඉන්න
ඇහිපිහිටු ඇතුලෙම ඉන්නම්
සංසාර සුවඳ ඔබ‍ට
දැනේ නම්
ඒ සුවඳ එක්ක  මං හැමදාම ජිවත් වෙන්නම්

2 comments:

Amila Chathuranga said...

අනේ කොච්චර එකක්ද???

Shadow/හේමලයා said...

hmmmmmm....

Post a Comment