Tuesday, July 13, 2010

අදුරැ ලොව

එපා නුඹ හිරැ වෙන්න
ලොවම නිදි ගැ‍ට බිදින
එපා නුඹ සදු වෙන්න
තරැ කැල‍ට තනි රකින
එපා තරැවක් වෙන්න
වෙලා කදුලක් නෙතග
මගේ සිත හඩවන්න
ලොවම නිදි වරන සද
මගේ ලොව නිදනවා
ලොව‍ට නිදි ගෙනෙන සඳ
මා අවදි කරනවා
නෙත කදුලු නැගෙනවා
ඔබ සඳක් වී එසඳ
මගේ ලොවට එබෙනවා
හිරැ වෙලා කුම‍ට නුඹ
මගේ ලොවම දැවෙයිනම්
සදු වෙලා කුම‍ට නුඹ
මගෙ ලොවම අදුරැ නම්
තරැව වී කුම‍ට නුඹ
අතපොවනු නොහැකි නම්
රැදි මේ ලොව කිම‍ට
නුඹව ම‍‍ට අහිමී නම්.


1 comments:

Shadow/හේමලයා said...

වේදනාත්මක පද පෙළක්.....

Post a Comment