Friday, August 20, 2010

නුඹ ලග නැති බව අනේ ම‍ට හිතෙන්නැති





මගෙ හිත  මලක් වගෙයි
නුඹ එය දන්න නිසා වෙන්නැති
හෙමින් හෙමින්
රිදව රිදවා
පෙති ගලවන්න හිතුව වෙන්නැති
හිත හදාගන්න ඔබ හ‍ට හැකි වෙන්නැති
ම‍ට තාම එහෙම බැරුව යන්නැති

තැලි පෙළි රිදෙනා පෙති
දැක දැක නුඹ හිනැහෙන හැටි
හිත හදා ගන්න බැරි බව නුඹ දන්නැති
ඇඩු ඇඩුම් නුඹ නම් දන්නැති

දිනෙන් දිනම මා ගැන මතකය
ටිකෙන් ටික ඔ‍බේ හිතින් යන්නැති
ඒ මතකය මකන්න ඔබ හ‍ට
හැකි වෙන්න ඇති
ම‍ට තාම එය එහෙම
හිතෙන් නැති හැටි

දිනෙන් දිනම ඔබ ගැන මතකය
ටිකින් ටිකම හිතේ නිධන් වු හැටි
ඒ මතකය මකන්න බැරි බව නුඹ දන්නැති
නුඹ ලග නැති බව අනේ ම‍ට හිතෙන්නැති

1 comments:

Shadow/හේමලයා said...

nice.......

Post a Comment