Monday, August 9, 2010

දනිමී නුඹ ‍නොඑන බව



දරා හද තුල ආදරය
ගුලි කරන් ඔබ ගැන මතකය
පතාගෙන ඔබේ ඔය සුරත
මග බලන් හිදිමී මම තවම
මවා සිහින ලොව ඔබ ගැනම
ලියා පෙම් කවි පිටු අතර
නෙත් කියු පෙම් කවි හිත තුලම
ගුලිකරන් මම ඉන්නවා
ජිවිතය ගැන කියා දුන් ඔබ
ආදරය යන අකුරු කියු ඔබ
නැවත එන තුරා මා වෙතම
මගබලා හිදිමී තවමත් මං
මගේ හිත ඔබ ගැනම
ලියු පෙම් කවි කොතරම්
නොවැ‍ටහුනත් ඔබ‍ට මා සෙනෙහස
අනේ මා
මක්කරන්නද?
ජිවිතය පුරා මම ඔබ‍ට
කියාගන්න‍ට නොහැකිව
ආදරය තුරුලු කොට
ලියු පෙම් කවි කොතරම්ද?
ඔබ ගැන මතකය ගුලිකර සිහින මවමින්
ඔබ ගැන
මග බලන් හිටියට
ඔබ නොඑන බව දනිමී මම

2 comments:

වැප් said...

ජිවිතය පුරා මම ඔබ‍ට
කියාගන්න‍ට නොහැකිව
ආදරය තුරුලු කොට ................

Unknown said...

ඔබ නොඑන බව දැන දැනත්
ඔබට ආදරය කරන්නේ
ආදරය පරිත්‍යාගයක් වූ නිසාය

Post a Comment