Monday, August 23, 2010

එනවද නුඹ එක දවසක්




ඔබ එන්න එකම එක දවසක්
එදා වගේ ආපහු යන්න නෙමෙයි
හැමදාම මගේ වේලා
මගේ ලග නවතින්න

ඔබ එන්න එකම එක දවසක්
එ කදුලු දි මට යලි
සැගව යන්න නෙමෙයි
සිනහව මහද තුල හැමදාම සතපන්න‍ට

ඔබ එන්න එකම එක දවසක්
හදේ ඇදි ඔබේ රුව
බොදව යන්න‍ට පෙර
එක වදනක් හෝ මුමුණන්න‍ට


තනි තරුවක් වි ඉන්න දුකයි
ඔබේ ලගින් පායන්න හිතෙයි
පායා විත් ඝන අදුරු අහස් කුස
ඔබේ එලියෙන් සැන සෙන්න හිතෙයි


නුඹේ හිතට ලං වෙන්න හිතයි
සෙනෙහස ගැන මුමුණන්න හිතයි
ඇවිදින්  නුඹේ මුව කමල ලගින් හිද
අදාරබස් මුමුණන්න හිතෙයි

0 comments:

Post a Comment